ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි
පසුගිය උතුරු මානුෂීය මෙහෙයුම අවස්ථාවේ පරාජයට පත් කොටි සංවිධානය අතහැරදමා ගොස් තිබූ වාහන දහස් ගණනක් සහ ඓතිහාසික වටිනාකමකින් යුත් ‘පාරා’ නෞකාව එවකට සිටි ප්‍රබල දේශපාලනඥයකු ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියක් සහ ටෙන්ඩර් කැඳවීමකින් තොරව රුපියල් කෝටි ගණනකට යකඩවලට විකුණා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ෛෛයුද්ධය නිමාවීමත් සඟ ඓතිහාසික පාරා නෞකාව උතුරේ සංචාරය කළ සංචාරකයන්ට නැරඹීමට අවශ්‍ය පරිදි යුද්ධ හමුදාව විසින් ගොඩබිම ආසන්නයට ගෙන එය සංරක්ෂණය කර තිබිණි.
මෙම නෞකාව විදෙස් රටක සිට එවකට උතුරු මුහුද හරහා සහල් ගෙන යමින් තිබියදි කොටි සංවිධානය මඟින් අත්අඩංගුවට ගෙන එහි කාර්ය මණ්ඩලය පසුව නිදහස් කර එම නෞකාව සහ සහල් තොග ඔවුන් සතුකර ගෙන තිබුණි. අපේ නාවික හමුදාවට පාරා නෞකාවේ සිට ප්‍රහාර එල්ල කිරීමටද යොදා ගෙන තිබුණි. කොටි පරාජයත් සමඟ එම නෞකාව හමුදාව සතුවිය. පසුව එම නෞකාව යකඩවලට කපා වෙන්කර මෙසේ කන්ටේනර්වලින් ඉන්දියාවේ පරණ යකඩ තොගවලට විකුණා ඇති බව අනාවරණය වෙයි.
ඊට අමතරව කොටි සංවිධානය විසින් දකුණෙන් කොල්ල කා උතුරට ගෙන ගොස් සඟවාගෙන ඔවුන්ගේ පාවිච්චියට යොදාගෙන සිටි ඔවුන් සතු විවිධ වර්ගයේ වාහන දෙදහසක් පමණ ඔවුන්ගේ පරාජයත් සමඟ ගිනි තබා විනාශ කිරීමට උත්සාහ කර තිබුණි. හමුදාව ඒවා බේරාගෙන ගොඩගසා තිබූ අතර දකුණෙන් කොල්ලකා උතුරට ගෙනගොස් තිබූ වාහන විශාල ප්‍රමාණයක්ද හඳුනාගෙන තිබුණි. ඒවා හිමිකරුවන්ට ලබාදීමට සාකච්ඡා කර තිබුණත් ඉහත දේශපාලනඥයා ඒම සියලුම වාහනද පාරා නෞකාවමෙන් යකඩවලට කපා කෝටි ගණනකට පරණ යකඩවලට විකුණා ඇති බවද හෙළිවී ඇත.
මේ සම්බන්ධව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් පැවැත්වී නැති බවද ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

0 Comments