Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඡන්ද වැඩට නොයෙන නිලධාරීන්ට නීතිමය පියවර

Author(s): 
විජයානි එදිරිසිංහ

ඡන්ද විමසීම් රාජකාරී සඳහා නොපැමිණෙන රාජ්‍ය හා රාජ්‍ය සංස්ථා නිලධාරීන්ට සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව සහ පොලිස් මුලස්ථානය පවසයි.

හෙට 10වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් රාජකාරී සඳහා යොදා ගැනීමට නියමිත සමහර රජයේ නිලධාරීන්, සේවකයන් සාධාරණ නොවන විවිධ හේතු ඉදිරිපත් කරමින් රාජකාරීයට පැමිණිමෙන් වැළකි සිටීමට හා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය වාහන නිදහස් කිරීමෙන් වැළකී සිටීමට උත්සහ කරන බවට තොරතුරු ලැබී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ආරක්ෂක අංශ නිලධාරීන් එම රාපකාරිවලට වාර්තා කිරීම අනිවාර්ය වේ.

ඡන්ද විමසීම් රාජකාරී සඳහා පත් කර තිබෙන සියලූම නිලධාරීන්, සේවකයන් අද පස්වරු වන විට අදාළ රාජකාරි ස්ථානයට වාර්තා කිරිම ද අනිවාර්ය වන බවද පොලිස් මුලස්ථානයත් මැතිවරණ කොමිෂන් සභාවත් කියා සිටියි.කිරීම අත්‍යාවශ්‍ය බව ද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

මැතිවරණ කොමිෂන් සභාව වෙත හෝ ඒ ඒ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත සංගණන ආකෘති මඟින් තොරතුරු ඉදිරිපත් කර ඇති හෝ ඡන්ද විමසීම් රාජකාරී පත්වීම් ලිබි ඇති ස්වකීය ආයතනවල හෝ විද්‍යාලවල සියලූම නිලධාරීන්, ගුරුවරුන් හා සේවකයන් ඡන්ද විමසීම් රාජකාරී සඳහා වාර්තා කරන බවට නිසැක විය යුතු බව ද කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ ඇතුළත් වෙයි.

ඒ අතර ඡන්ද විමසීම් රාජකාරී සඳහා යොදා ගැනීමට නියමිත, රජයේ ආයතන/සංස්ථා/මණ්ඩල සතු වාහන සියල්ල නියමිත පරිදි ඒ ඒ දිස්ත්‍රික්කවලට වාර්තා කරන බවට වගබලා ගැනීමට අදාළ ආයතනවල වාහන භාර නිලධාරීන්ගේ හා ආයතන ප්‍රධානීන් වෙත පැවරෙන පැහැර හැරිය නොහැකි වගකීමක් බව ද අදාළ නිවේනයේ දැක්වෙයි.

මහජන බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන් ජනතාවගේ මුලික අයිතියක් වන ඡන්ද බලය ක්‍රියාත්මක කරන ඡන්ද විමසීමක දී ඒ සඳහා රාජකාරිමය වශයෙන් සක්‍රීය සහාය ලබා දීමට ඔවුන් වෙත සාදාචාරාත්මක බැඳීමක් හා වගකීමක් පවතින බව අවධාරණය කරන කොමිෂන් සභාව, ඡන්ද විමසීම නිසි ලෙස පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විධාන අනුව ක්‍රියා කිරීමට සියලුම රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින බව ද අවධාරණය කරයි.

එම විධාන උල්ලංඝනය කිරීම, රුපියල් ලක්ෂයක දඩයකට හෝ වසර තුනක සිරදඬුවමකට හෝ ඒ දෙකටම යටත් වීමට හේතුවන වරදක් ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 104 උ ව්‍යවස්ථාවේ නිශ්චිතවම සඳහන් කර ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();