Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිංහ කොඩිය පෙන්වූ බ්‍රිගේඩියර්ගේ ඉරණම විසඳෙන හැටි ගැන සැකයක්

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යංශය ගත් තීරණය අත්හිටුවීමට තීරණය කළැයි ජනාධිපතිවරයා මාධ්‍යයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළද මැතිවරණයෙන් පසු එම රණවිරුවාගේ ඉරණම කෙසේ විසඳේද යන්න බලවත් සැකයක් ඇතැයි නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ කැඳවුම්කරු නීතිඥ ආර්. මනෝජ් ගමගේ මහතා සඳහන් කළේය.

අදාළ රණවිරුවා සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන්නේ නම් ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට සහාය ලබාදීමට සූදානම් යැයි යුද හමුදාපතිවරයා සිදුකළ ප්‍රකාශය මගින් එය තහවුරු වන්නේ යැයිද ඔහු පැවැසීය.

ජනාධිපතිවරයාගේ ස්ථාවරය රජයේ ස්ථාවරයද යන්න කිනම් හෝ ලිපි ශීර්ෂයක් යටතේ නිවේදනය කර නැතැයිද ඔහු පෙන්වා දෙන අතර මේ පිළිබඳව ඔහු
අදහස් පළකළේ ඊයේ (7දා) මියගියත් ජීවත් වන ප්‍රභාකරන් හා ජීවත් වුවත් මරා දැමූ ලන්ඩන් රණවිරුවා නමින් ජාතික පුස්තකාල හා ප්‍ර‍ලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා එල්ටීටීඊ ඩයස්‍පෝරාවේ ක්‍රියාකලාපයන්ද දැක අභිනයෙන් සිංහ කොඩිය පෙන්වීම වරදක් නොවන බවය. එම සිදුවීමේදී පැය 24ක් යාමට පෙර ඔහුගේ සේවය අත්හිටුවා විදේශ කටයුතු අමාත්‍යංශයේ එල්.ටී.ටී.ඊ. ඩයස්‍පෝරාවේ ක්‍රියාකාරකම්වලට එරෙහිව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැතැයිද පෙන්වා දුන්නේය. එමෙන්ම මැතිවරණය අබියස ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය මකා ගැනීමේ තාවකාලික පිළියමක් ලෙස එම රණවිරුවාගේ සේවය යළි පිහිටුවීමට කටයුතු කළේද යන්න සැක සහිත බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



from Gossip Lanka News & Video http://ift.tt/2BKB2zX
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();