ජනාධිපතිවරයකුට ධූරයේ රැඳී සිටිය හැකි වාර ගණන දෙවරකට සීමා කළ නීතිය ඉවත්කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය සුදානම් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම නීතිය චීන ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වුවහොත් චීන ජනාධිපති ෂි ජින්පිං ට තවත් දීර්ඝ කාලයක් ධූරයේ රැඳී සිටීමට හැකි වනු ඇති බවය.
මෙය පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනාවක් බව ද වාර්තා වේ.
වර්තමාන ව්‍යවස්ථා නීතිය අනුව චීන ජනාධිපතිවරයකුට ධූරයේ රැඳී සිටියේ හැකිවන්නේ අවුරුදු පහ බැගින් දෙවරක් පමණි.
චීන ජනාධිපති ෂි ජින්පිං ගේ ප්‍රථම ධූර කාලය ද නොදුරේදී අවසන් වීමට නියමිතය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලබන මාර්තු මස 5 වන දා කොමියුනිස්ට් පක්ෂයේ වාර්ෂික හමුවේදී දෙවන ධුරකාලය සඳහා චීන ජනාධිපතිවරයා ලෙස ෂි ජින්පිං නිල වශයෙන් තෝරාගැනීමට නියමිත බවයි.
0 Comments