පිළියන්දල මධ්‍ය මහ විදුහල සහ හොරණ තක්‍ෂිලා මධ්‍ය මහ විදුහල අතර 17 වැනි වරට පැවැත්වෙන ‘සල්පිටි රයිගම්’ මහා ක්‍රිකට් තරගය අද (23) සහ හෙට (24) දෙදින මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
දෙපිල අතර වාර්ෂික එක්දින තරගය 25 වැනිදා මොරටුවේදීම පැවැත්වෙයි.
මේ තරගයේ පුරෝගාමීන් වූයේ පිළියන්දල මැදි විදුහලේ එවකට සිටි විදුහල්පති කේ. ජී. විමලසේන සහ තක්‍ෂිලා විදුහලේ හිටපු විදුහල්පති ඒ. කේ. පී. අබේපාල යන මහත්වරුන් විසිනි. 1998 වසරේදී මේ තරගාවලිය ආරම්භයේදී ලියුම්කරු විසින් යෝජනා කරන ලදුව විදුහල්පතිවරුන් දෙදෙනාගේ ආශිර්වාදය මැද මේ තරගාවලිය ‘සෙන්ට්‍රලියන්ස් වරුන්ගේ සටන’ ලෙස නම් කලද පසු කලෙක මේ නාමය වෙනස් විය.
මෙවර පිළියන්දල විදුහලට නායකත්වය දෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩක වර්ණලාභී පස්වන වසරේ ක්‍රීඩක හේෂාන් මධුශංක වන අතර ඔහු මේ තරගවාරයේදී කඩුලු 68ක් දවාගනිමින් දෙවැනි පෙළ වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා ලෙස ඉදිරියෙන් සිටී. උප නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක දෙවන වසරේ වර්ණලාභී උෂාන් සෙනුර ක්‍රියා කරයි. පසුගිය වසරේ මහා තරගට ක්‍රීඩා කළ සියළුම ක්‍රීඩකයන් මෙවරද ක්‍රීඩා කිරීම පිළියන්දල විදුහලට විශාල වාසියක් වන අතර තක්‍ෂිලා විදුහල් කණ්ඩායමට ඇතුළත් වී ඇත්තේ පසුගිය මහා තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් පස් දෙනෙක් පමණි.
තක්‍ෂිලා විදුහලට මෙවර නායකත්වය දෙන්නේ තුන්වන වසරේ වර්ණලාභී තුන් ඉරියව් ක්‍රීඩක සඳුන් රංග වන අතර උප නායක ලෙස තිළිණ තරින්ද කටයුතු කරයි.
සඳුන් රංග, ගීශාන් ගිම්හාන සමග ආරම්භක පන්දු යවන අතර තිළිණ තරින්ද පා දඟ පන්දු යවමින් කඩුළු 26 ක් දවාගෙන ඇත. සසිඳු ජනිත් මෙවර තරගවාරයේදී ලකුණු 560ක් වාර්තා කර ඇති අතර තිළිණ ජීවන්ත දඟ පන්දු යවමින් කඩුලු 23ක් බිඳ හෙලා ඇත.
පාසල් දෙකම මේ තරගවාරයේදී තරග 11ක් බැගින් ක්‍රීඩා කර ඇති අතර පිළියන්දල විදුහල එයින් වැඩි දස්කම් දක්වා ඇත.
මේ තරගයේදී පිළියන්දල මැදි විදුහල වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ඇත්තේ තිලාන් දසුන් විසින් වන අතර ඔහු ලබාගත් ලකුණු ප්‍රමාණය 128 කි. මේ තරගය සංවිධාන කිරීමේ කටයුතු පිළියන්දල කනිෂ්ඨ ශිෂ්‍ය සංගමය, විදුහල්පති දර්ශණ උඩවත්තගේ මහතාගේ අධීක්‍ෂනය යටතේ සිදුවන අතර තක්‍ෂිලා විදුහලේ විදුහල්පතිනිය වන කේ. කේ. පී. එම්. ජයතිලක මහත්මියගේ නොමසුරු සහයද ලැබී තිබේ.
ඩිල්වින් මෙන්ඩිස්-මොරටුව ක්‍රීඩා
සහ කැස්බෑව සංචාරක

0 Comments