Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ත්‍රිවිධ හමුදාවේ 7000ක් සීරුවෙන්

විජයානි එදිරිසිංහ

අද පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව. නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ සාමාජිකයන් හත් දහසකට ආසන්න පිරිසක් සූදානමින් තබා තිබේ. හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා කියා සිටියේ එම නිලධාරීන් සංඛ්‍යාව හැර හඳුනාගත් ඡන්ද මධ්‍යස්ථාන 167ක ආරක්ෂාව වෙනුවෙන් මේ වන විටත් හමුදාවේ ආරක්ෂාව යොදා ඇති බවයි.

මේ පිරිස මේ වන විටත් එම හඳුනාගත් ස්ථානවල ආරක්ෂක කටයුතුවල නියැළිව සිටිති. යම් පොලිස් ස්ථානයක් හෝ පොලිස් කොට්ඨාසයක් හදිසි අවස්ථාවක හමුදා ආරක්ෂාව ඉල්ලා සිටියහොත් ඒ සමඟම හමුදාව එම ස්ථානවලට සම්බන්ධ කිරීම සිදුවන බව ද සුමිත් අතපත්තු බ්‍රිගේඩියර්වරයා කියා සිටියි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();