Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10.00න් පසු

අනුර ප්‍රේමලාල් සහ රක්ෂණ ශ්‍රියන්ත

පළමු ඡන්ද ප්‍රතිඵලය අද (10) රාත්‍රී 10.00න් පසු ලබා දීමට හැකි වෙතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා ප්‍රකාශ කරයි. නව ඡන්ද ක්‍රමය අනුව ඒ ඒ ඡන්ද පොළ තුළදීම ඡන්ද ගණන් කිරීම සිදුවන අතර, තැපැල් ඡන්ද ගණන් කිරීමද වෙනම මධ්‍යස්ථාන 3852ක සිදුවේ.

ඊට පසු ඡන්ද කොට්ඨාසයේ ප්‍රතිඵලයට අදාළ තැපැල් ඡන්ද ප්‍රමාණය එකතු කරනු ලැබේ. අනතුරුව කොට්ඨාස මට්ටමින් ලබා ගන්නා ප්‍රතිඵලය දිස්ත්‍රික්ක තේරීම්භාර නිලධාරි වෙත යැවීමෙන් පසුව මැතිවරණ මහ ලේකම් කාර්යාලයට ලබාදී මැතිවරණ ප්‍රතිඵලය පළාත් පාලන ආයතන මට්ටමින් නිකුත් කරනු ලැබෙන බව අතිරේක කොමසාරිස්වරයා වැඩි දුරටත් කීය. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();