ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය වසරේදී රුපියල් බිලියන 13.2ක වාර්තාගත ලාභයක් ලබාගෙන තිබේ.
ඒ අනුව නව සාමූහික ගිවිසුමට අදාළව සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබාදීමට හැකි වී ඇති බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසීය.
අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ පැවති වෘත්තීය සමිති නියෝජිත රැස්වීමේදී අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ අදාළ වැටුප් වැඩිවීමෙන් රුපියල් පන්දහසක් මුලික වැටුපට එක් කෙරෙන බවය.
ඉතිරි රුපියල් 5,000 දීමනාවක් ලෙස වැටුපට එකතු කර ලබා දීමට භාණ්ඩාරගාර අනුමැතිය ලබා ගත් බවද අමාත්‍යවරයා සදහන් කළේය. මේ සදහා වරාය අධිකාරියේ ප්‍රධාන වෘත්තීය සමිති විසිතුනක් ලබා දුන් සහායට සමරසිංහ ස්තූතිය පළ කරන ලදි.
0 Comments