Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පුහුණුකරු හතුරුසිංහ අපේ විශ්වාසය වැඩි කළා

ශ්‍රී ලංකා නායක චන්දිමාල්

බංග්ලාදේශයේ පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා පිලට නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ දායකත්වය දැඩි බලපෑමක් ඇති කළ බව නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේය.

මේ තරගාවලියට සහභාගිවීමට බංග්ලාදේශයට යද්දී දැඩි පසුබෑමකට ලක්ව සිටි ශ්‍රී ලංකා පිල තරගාවලිය ආරම්භයේදි පරාජයන් දෙකකට මුහුණ දී තිබිණි. එහෙත් අවසානයේදී නැවත තරගාවලියට සාර්ථකව අවතීර්ණ වී කුසලානය කරා යාමට පුහුණුකරුගේ විශිෂ්ට දායකත්වය කැපී පෙනෙනු සාධකයක් වූ බව චන්දිමාල් තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී කීවේය.

‘ඔහු හොඳ පුහුණුකරුවෙක් බව අපි සියලුදෙනාම දැන සිටියා. ඔහු අපේ විශ්වාසය වැඩි කළා. ඒක තමයි ලොකුම දේ වුණේ.’ චන්දිමාල් කීවේය.

‘ඔබ ඔබේ පුහුණුකරු ගැන විශ්වාසය තබන්නේ නම් ප්‍රතිළුල සාර්ථක වෙනවා. මේ ජයග්‍රහණය ක්‍රීඩකයන් වගේම පුහුණුකරුවාත් කැපවීමෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක්. ඔහුටත් මේ ජයග්‍රහණයේ කොටසක් හිමිවිය යුතුයි. මේ ජයග්‍රහණය අපිට විශාල සතුටක්.’ චන්දිමාල් සඳහන් කළේය.

තම කණ්ඩායමේ සෑම ක්‍රීඩකයකුම උපරිම අයුරින් ක්‍රීඩා කළ බවත්, සැලසුම් සහගතව තරගයට අවතීර්ණ වූ බවත් ශ්‍රී ලංකා පිලේ නායකයා කීවේය. තරගයේ දිශානතිය ශ්‍රී ලංකා පිල දෙසට හරවා තැබීමට උපුල් තරංගගේ සහ නිරෝෂන් දික්වැල්ලගේ සම්බන්ධතාව විශාල පිටුවහලක් වූ බව ද ඔහු කීවේය.

තරගයේ පළමු ඕවර 20න් පසුව අපට දැනුණේ ලකුණු 220ක් හෝ 230ක් රැස් කිරීම ජයග්‍රහණයට ප්‍රමාණවත් වේවි කියලයි. ඒ වගේම පළමු තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් ලැබූ ශෙහාන් මධුසංඛ විශිෂ්ට අයුරින් ක්‍රීඩා කළා.’ චන්දිමාල් පැවැසීය.

අවසන් තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 221ක් රැස් කළ අතර බංග්ලාදේශ පිල ඕවර 41.1කදී ලකුණු 142කට දැවී ගියේ ලකුණු 79ක ජයක් ශ්‍රී ලංකා පිලට අත්කර දෙමිනි. තරගයේ වීරයා සම්මානය අර්ධ ශතකයක් රැස් කළ උපුල් තරංගට හිමිවූ අතර තරගාවලිය පුරා පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දස්කම් පෑ තිසර පෙරේරා දිනා ගත්තේය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();