දේශීය ක්‍රිකට් තරගාවලියන්ට 2017 - 2018 ක්‍රිකට් වාරයේ සහභාගි වන පළමු ශ්‍රේණියේ ක්‍රිකට් ක්‍රීඩකයන් සියයකට අධික පිරිසක් කොන්ත්‍රාත් ගිවිසුම්වලට ඇතුළත් කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
කොන්ත්‍රාත්තු අත්සන් තැබීමට ක්‍රීඩකයන් තෝරාගෙන ඇත්තේ පහත අන්දමටය.
මේ කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආයෝජනය කරන මුදල ලක්ෂ 850කි. කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා ක්‍රීඩකයන් තෝරාගෙන ඇත්තේ 2016 සහ 2017 ක්‍රිකට් වාරයට සහභාගි වූ ක්‍රීඩකයන් අතුරිනි.
ක්‍රීඩකයන් 103ක ට මේ ප්‍රතිපාදන ලබාදෙන්නේ ඔවුන්ගේ ක්‍රීඩා සමාජවලින් පිරිනැමෙන දීමනා වලට අමතරවය.
එහිදී 2016-2017 ක්‍රිකට් වාරයේ ඉහළම දස්කම් දැක්වූ පළමු ශ්‍රේණියේ ක්‍රීඩකයන් 20ක් සහ දේශීය තරගාවලියන්ට සහභාගි වී උසස් දස්කම් පෙන්වීමට දිරිගැන්වීමක් ලෙස නැගී එන ක්‍රීඩකයන් 23ක්ද මීට ඇතුළත්ය. ඊට අමතරව අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් 29ක්ට හා හිටපු ජාතික ක්‍රීඩකයන් දාහතර දෙනකුටත් වත්මන් ජාතික කණ්ඩායමේ කොන්ත්‍රාත්තුවලට අයත් නොවන එහෙත් මෑතකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් දාහතකටත් නව කොන්ත්‍රාත්තු පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

0 Comments