Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රට හැදීමේ වගකීම එජාපය බාර ගන්නවා

Author(s): 
උපාලි කරුණාරත්න

එක්සත් ජාතික පක්ෂය රට සංවර්ධනය කිරීමේ අභියෝගය බාර ගන්නා බවත් දියුණු ශ්‍රී ලංකාවක් 2025 දී ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් කටයුතු සිදු කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ(25) බදුල්ල නගරයේ පැවැති එක්සත් ජාතික පක්ෂ රැලියක් අමතමිණි.

මේ වන විට රටේ ආරම්භ වී තිබෙන සංවර්ධනය සහ නිදහස් සමාජය පෙරට ගෙන යා යුතු යයිද පැවසූ අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ බලය ගමට ගෙන එමින් ගම සංවර්ධනය කිරීමට නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙමු යයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඇල්ල නගරය සංවර්ධනය කිරීමේ වැඩ සටහනක් ආරම්භ කරන බව ද කී අග්‍රාමාත්‍යවරයා බදුල්ල සහ බණ්ඩාරවෙල සංචාරක සහ සංවර්ධනය වූ නගර බවට ඉදිරියේ දී පත්වන බව ද කීය.

රාජපක්ෂ පාලනයේ ආර්ථික ප්‍රතිපත්තිය කෙරෙහි රටේ ජනතාවගේ මෙන්ම ජාත්‍යන්තරයේ ද විශ්වාසය නැතිවූ බව කී අග්‍රාමාත්‍යවරයා හම්බන්තොට ඇතිවන දියුණුව මොනරාගලට, බදුල්ලට ද පැමිණෙන බව පැවැසීය.

අමාරු කාලය අවසන් යයිද ආණ්ඩුවක් ලෙස තරුණ තරුණියන්ගේ රැකියා සිහිනය සැබෑ කළ යුතු යයිද පැවසූ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එහි දී ඔවුන්ට අවශ්‍ය රැකියා ලබා දීමට කටයුතු කිරීම වැදගත් යයිද කීය.

මෙම අවස්ථාව සඳහා මැති ඇමැතිවරුන් ඇතුළු විශාල ජනතාවක් සහභාගි වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();