Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ස්වර්ණ ජයන්ති ජාතික කැරම් ශූරතාවලිය ඇරැඹේ

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා කැරම් ඉතිහාසයේ 50 වැනි ජාතික ශූරතාවලිය පසුගියදා බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොහුවල ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේදී ආරම්භ විය.

ශ්‍රී ලංකා කැරම් සම්මේලනයට වසර 60ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහන් මාලාවට සමගාමීව පැවැත්වෙන මේ ස්වර්ණ ජයන්ති ජාතික කැරම් ශූරතාවලියේදී ඉතිහාසයේ ප්‍රථම වරට ශූරයාට හා ශූරියට රුපියල් ලක්ෂයක් බැගින් පිරිනැමීමට කටයුතු යොදා තිබීමද විශේෂත්වයකි.

මේ තරග සෑම සති අන්තයකම පැවැත්වෙයි.

2008 සහ 2016 වසරවල ලෝක කැරම් ශූරතා දිනාගත් සියලුම කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, 2012 වසරේ ලෝක කැරම් ශූරයා වූ නිශාන්ත ප්‍රනාන්දු, 2012 සහ 2016 වසරවල ස්විස්ලීග් ලෝක කැරම් ශූරතාව මෙන්ම වැඩිම වාර ගණනක් ජාතික ශූරයා බවට පත්වූ වත්මන් ජාතික කැරම් ශූර චමිල් කුරේ, 1991 සහ 2001 වසරවල ලෝක කැරම් ශූරතාවයන්හී කාන්තා කේවල තෙවැනි ස්ථානය හිමිකරගත් අමිතා වික්‍රමසිංහ, වත්මන් ජාතික කැරම් ශූරිය වූ යසිකා රාහුබද්ධ ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙවර තරගාවලියට එක්ව සිටිති.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපති පරාක්‍රම බස්නායක, ප්‍රධාන ලේකම් දයා විදානගම මහත්වරු ඇතුළු සම්මේලන නිලධාරීන්, ආරාධිතයන් සහ කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක්ද එක්වූහ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();