Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දිවයින පුරා වැසි

දිවයින පුරා වැසි සහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (29) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ. සෙසු බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත් වලත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැක.

දිවයිනේ උතුරු සහ උතුරු මැද පළාත් වල විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();