Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැතිවරණ පැමිණිලි සඳහා විශේෂ ඒකකයක්

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මැතිවරණ පැමිණිලි බාරගැනීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.
 
 සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සහ කඩකිරීම් පිළිබඳව සොයා බැලීම මෙහි අරමුණ බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.
 
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී කාන්තා අපේක්ෂිකාවන් ඉලක්ක කර සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබඳව සිද්ධීන් වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් මෙම ඒකකයේ විශේෂ අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.
 
පැය විසි හතර පුරා ක‍්‍රියාත්මක 0773 088 135 හෝ 0773 762 112 දුරකථන අංකවලට ඇමතීමෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.
 
ඊට අමතරව 0112 505 574 ෆැක්ස් අංකයට ද පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();