Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සම්මුතිවාදී ආණ්ඩුවක ජනපති ජයග්‍රහණයේ තෙවසර අදයි

Author(s): 
ජයසිරි මුණසිංහ

යහපාලනය බිහිකිරීමේ උදාර පරමාර්ථය පෙරදැරි කරගනිමින් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ස්වාධීනත්වය, ආර්ථික නිදහස මෙන්ම ජාතික සමගිය ගොඩනැඟීමේ ඉලක්ක ජයගන්නට බල කෙරුණු ජන අරගලයෙන් බිහිවූ රාජ්‍ය නායකත්වයේත් ජාතික සම්මුතිවාදී රජයේත් අභිමානවත් තෙවර්ෂ පූර්ණ සැමරුම අදට (08) යෙදී තිබේ. 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ සම්මුතිවාදී රජයක් මගින් යහපාලනයක් බිහිකිරීමේ මූලධර්ම මත නව රජය බිහිවිය.

එදවස පැවැති නීතියේ මානව හිමිකම්වල මෙන්ම අර්ථිකයේත් පීඩාකාරී තැන් මුලිනුපුටා දමා පුරවැසියන් බලගැන්වෙන පාර්ලිමේන්තු සම්ප්‍රදායක් රකින රජයක් ලෙස වත්මන් රජය තෙවර්ෂ පූර්ණය සමරන්නේ ජනතා අභිලාෂ මුදුන්පමුණුවාලමිනි.

විධායක ජනාධිපති ධුරයේ පැවැති අසීමිත බලතල 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ පාර්ලිමේන්තුවටත් පුරවැසියන්ටත් හිතකර ලෙස බෙදාදීම ඇරඹුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආගමනයත් සමඟය.

මානව හිමිකම් සුරැකීම ඇතුළු පුරවැසියන් බලගැන්වෙන කොමිෂන් සභා 20 කට අධික ප්‍රමාණයක් පිහිටුවා ඒවා බලාත්මක කිරීම දින 100 වැඩපිළිවෙළ යටතේ ජීවන වියදම පහත හෙළීමට ක්‍රියාකිරීම, රට පුරා විසිරුණු සංවර්ධනයක් සුබසාධනයක් ගත වූ තෙවසර තුළ සිදුකෙරිණි.

ණය බර, ස්වභාවික විපත්, ජාත්‍යන්තරයේ පළුදු වී තිබූ රට පිළිබඳ මතවාද පවා ජයගනිමින් රටේ ආර්ථිකය යහපත් දිශාවකට ගමන් කිරීමට මුලපිරුණු තෙවසරක ගමන අඛණ්ඩව වසර 2020 දක්වා රැගෙන යාම ජනතා පැතුම වේ.

ජනාධිපතිතුමාගේ යහපාලන රජය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම විශාල ජයග්‍රහණයක් වන අතර ඒ යටතේ ස්වාධීන කොමිෂන් සභා රැසක් පිහිටුවීම ප්‍රජාතන්ත්‍රවාද‍ෙ‍ය් විශාල විජයග්‍රහණයකි.

මේ අනුව ස්වාධීන මැතිවරණ ‍ෙකාමිෂන් සභාව පිහිටුවීම, රාජ්‍ය සේවා කොමිෂන් සභා පිහිටුවීම, ජාතික පොලිස් කොමිෂන් සභාව පිහිටුවීම, විගණන කොමිෂන් සභාව පිහිටුවීම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පිහිටුවීම සහ මුදල් කොමිෂන් සභාවට සාමාජිකයින් පත්කිරීම යනාදිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට පවරනු ලැබීම විධායකයේ ක්‍රියාදාමයේ පාරදෘශ්‍යභාව ආරක්ෂා කිරීමට බෙහෙවින් ඉවහල් විය.

ජනාධිපතිතුමා ඇතුළු යහපාලන රජය විසින් කේවල ආසන ඡන්ද ක්‍රමය මෙරට යළි ස්ථාපිත කිරීමත්, කේවල හා සමානුපාතික යන ක්‍රම දෙක යටතේම මන්ත්‍රීවරුන් තෝරාගැනීමේ ඡන්ද ක්‍රමයක් යොදාගැනීමත් සුළු ජනකොටස් නියෝජනය කරන පක්ෂවලට අසාධාරණයක් නොවිය යුතුයි යන ස්ථාවරය පිළිගැනීමත් මෙරට ජනතාව ලැබු සුවිශේෂී වරප්‍රසාදයකි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();