Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බැඳුම්කර වාර්තාව ගැන විවාදයකට පාර්ලිමේන්තුව වහා රැස් කරන්න

Author(s): 
ශිරෝමි අබයසිංහ

 

එජාප විශේෂ මහා සම්මේලනයේ දී අගමැති කියයි

මහ බැංකු බැදුම්කර කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව වහා රැස් කරන්නැයි කතානායකවරයාට දැනුම් දෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07) පැවසීය.

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව කැදවීමට හැකියාව තිබේදැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාද තමන්ගෙන් විමසු බව කී අග්‍රමාත්‍යවරයා තවත් පක්ෂ නායකයන් කිහිප දෙනෙකුද මේ පිළිබඳව කරුණු දක්වා ඇති අයුරු මාධ්‍යයෙන් දුටු බවද කීවේය. සඟවා තැබිමට කිසිම දෙයක් නැති බවද හැම විටම විනිවිදභාවයෙන් කටයුතු කිරිම තම පක්ෂයේ ප්‍රතිපත්තිය බවද අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා එකම සිද්ධිය තුන්වතාවක් පරික්ෂාවට ලක් කළේ කුමන රටේදැයි ප්‍රශ්න කළේය.

කොමිෂන් වාර්තාව පෙන්නමින් කතා කරන ඒකාබද්ධ විපක්ෂයටත්, මාධ්‍යයටත් යමක් කිව යුතුව තිබෙන බව පැවසු අග්‍රාමාත්‍යවරයා කොමිෂන් සභා වාර්තාවෙන් හෙළිවන තත්ත්වයට සමාන තත්ත්වයක් 2008 වසරේ සිට සිදුවී ඇති බව කොමිෂන් සභාවේ අදහස බව දැනගත යුතුව ඇතැයි කීය.

වැඩිම සේවක අර්ථ සාධක අරමුදල් වංචා කර ඇත්තේ 2008-2015 කාලය තුළ බව බැඳුම්කර වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි කී අගමැතිවරයා මාධ්‍ය මේ ගැන ප්‍රශ්න නොකරන්නේ මන්දැයි විමසිය. රුපියල් බිලියන 4000 ක් අනුමැතියකින් තොරව එකල වෙන්දේසි කර ඇති බව කී අග්‍රාමාත්‍යවරයා

එවැනි දස දහස් ගුණයක් සොරකම් කිරිම පිළිබඳව නිහඩව නොඉඳ මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාද කිරිමට සුදානම් බව අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ බොරැල්ල කැම්බල් පිටියේ ඊයේ (07) පැවැති එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනය අමතමිනි. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෝද ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයෝ දස දහස් ගණනක් කැම්බල් පිටියට පැමිණ සිටියහ.

ගතවූ වසර දෙක ඇතුළත එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුව තුළ සිටිමින් රට ඉදිරියට ගෙනයාම සඳහා ගෙන ගිය වැඩපිළිවෙළ මෙන්ම ඉදිරියේදි ගම හදන වැඩපිළිවෙළ ද මෙම විශේෂ මහා සම්මේලනයේදි කතිකාවට ලක්විය.

පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියත් සමඟ පක්ෂයේ ගිතය ගායනා කිරිමෙන් එක්සත් ජාතික පක්ෂ සම්මේලනය ආර්ම්භ විය. සම්මේලනය කැදවිමේ ලිපිය සාම්ප්‍රාදායිකව පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබිර් හෂිම් මහතා විසින් ඉදිරිපත් කළේය.

ඉකුත් දෙවසර ඇතුළත එක්සත් ජාතික පක්ෂයේ මැදිහත්විම යටතේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු, විසිර නිවාස, නිවාස සංවර්ධනය, විරු සුමිතුරු නිවාස ආදර්ශ ගම්මාන, රෝගින්ට නිවාස, විදුලි සැපයුම්, සූර්යබල සංග්‍රාමය, සැත්කම් සහන, නොමිලේ ගිලන් රථ, නොමිලේ අක්ෂි කාච, අඩු මිලට බලශක්තිය, ඔෟෂධ සහන, රෝගීන්ට දිමනා, සුරක්ෂා රක්ෂණය, නව රැකියා, වැටුප් වැඩි කිරිමි, යුරෝපා මත්ස්‍ය සහනය ලබාගැනිම, විශ්‍රාමිකයන්ට සහන, කඩිනම් අධිවේගි මාර්ග, ජි.එස්.පි ප්ලස් තිරු බදු සහනය ලබාදිම, ජාත්‍යන්තර සහයෝගය ලබාගැනිම ආදිය සම්බන්ධයෙන්ද මෙහිදි සිහිපත් කෙරිණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();