Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අනූහය දෙනාම මා සමඟ එකට හිටගන්නවා නම් ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවනවා

රත්නපුර එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලියේදී ජනපති පවසයි

“මට ඕන කරන්නේ වංචාවෙන් දුෂණයෙන් තොර ආණ්ඩුවක්. ජී. ඇල් පීරිස්ගේ කුණු කානුව අත හැර ,ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 96 දෙනා මාත් සමග එකතු වනවා නම්, හෙට අපේ ගෙදරට විත් මාත් සමග එකට හිට ගන්නවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් හදා පෙන්වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රත්නපුර එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලිය අමතමින් පැවසීය.

‍රත්නපුර දිස්ත්‍රික්කයේ පලාත්පාලන ආයතන සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගවදින අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ගේ ජය තහවුරු කිරීම සඳහා මෙම රැලිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රත්නපුර ප්‍රධාන සංවිධායක සහ කම්කරු හා වෘතිය සමිති සම්බන්ධතා අමාත්‍ය සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී. ජේ සෙනවිරත්න මහතා ගේ උපදෙස් මත සංවිධානය කර තිබුණි.

රත්නපුර ප්‍රසිද්ධ ක්‍රීඩාංගණය අසල පිහිටි ලොරි රථ ගාලේදී රැලිය පැවැත්විණි.

වංචාවට දුෂණයට පවුල්වාදයට විරුද්ධ මම වංචාව සහ දුෂණය සිදුකරන පුද්ගලයින්ට පක්‍ෂ පාට නොබලා කොමිෂන් පිහිටුවා පරීක්‍ෂණ කර වරද කරුවන්ට නිසි දඬුවම් ලබා දෙන්නේ යැයිද ජනාධිපතිවරයා පැවසීය.

2008 සිට -2016 දක්වා කාලය තුළදී මේ රටේ සිදුවු අල්ලස්, මුදල් දුෂණය සහ මහ බැංකු මුදල් වංචා සම්බන්ධයෙන් විනිසුරු මණ්ඩල‍යක් පත් කර බරපතළ දුෂණ වංචා සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගත්තා. ඒ වාර්තා වහාම ඉදිරිපත් කරන්නයි දුෂණය කරපු පක්‍ෂ, විපක්‍ෂ අය ඉල්ලා සිටියත් ඒ කෑ ගහපු අය අද නිශ්ශබ්දයි. පුළුවන් නම් පාර්ලිමේන්තුව කැඳවා පළාත් පාලන මැතිවරණයට පෙර විවාදයට ගන්න කියා මා ඉල්ලා සිටිනවා. මෙම වාර්තාව ඉදිරි පත්වුණාම කට ගහන පක්‍ෂ විපක්‍ෂ දෙගොල්ලන් ගේම රෙදි ගැලවෙන බවද ජනාධිපති වරයා කියා සිටියේය.

අද ‍බොහෝ අය අහන ප්‍රශ්නයක් තමයි බලයට ඇවිලා මොනවාද කළේ කියන එක. කළ දේ ,නොකළ දේ කියවීම, කළ යුතු දේ, නොකළ යුතු දේ මොහොමයක් තිබෙනවා. අපි බලයට ඇවිත් කළ දේවල් බොහොමයක් තිබෙනවා. මා ජනාධිපති වන විට අන්තර් ජාතික වශයෙන් රට මුණ දී තත්වය ජනතාව දැන සිටියේ නැහැ. ලෝකයේ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 194න් අපට සහය දීමට සිටියේ අතේ ඇඟිලි ගාණටයි. එදා මැතිවරණ වේදිකා වල්වල රණවිරුවන් දංගෙඩියට යවන බව කියන කථා අද නෑ. ජාත්‍යන්තර වශයෙන් අපේ රටට විදේශ රටවල තිබු විරෝධතා දැන් නැහැ. පසුගිය කාලයේ අපට ආර්ථික සම්බන්ධතා පැනවීමටයි විදේශ රටවල් සුදානම් වී සිටියේ නමුත් එවැනි බියක් දැන් නහැ. විදේශ බටහිර රටවල් අපේ රට සමග තිබු විරෝධතා නිසා එක්සත් ජාතීන්ගේ ජිනීවා සමමේලනයේ අපට විරුද්ධව මානව හිමිකම් සිදු වන බවට අපට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. 2015 ජනවාරි 8 දා සිදුවු වෙනසෙන් පස්සේ මා ජනාධිපති වරයා වශයෙන් පත්වුණාට පසු රටේ ප්‍රධාන පක්‍ෂ දෙකක් එකතුවී නව පාලනයක් ආරම්භ කර රට නව මාවතකට ගෙන යන බවත් එයට සහයෝගය ලබාදෙන ලෙස ජාත්‍යන්තරයෙන් කල ඉල්ලීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපේ රටට එල්ලවී තිබු චොදනා ජාත්‍යන්තරය ඉවත්කර ගෙන තිබෙන්නේ යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

මේ රටේ හිටපු පාලකයන් ව්‍යවස්තා සශෝධන 18 පනත් සම්මත කරගෙන තිබෙනවා, ඒ සම්මත කරගත් පනතිකින්ම කරගෙන තිබෙන්නේ තමන්ගේ බලය වැඩි කිරීම යයි පැවසු ජනාධිපති මෛත්‍රි පාල සිරිසේන මහතා තමා ජනාධිපති වරයා වශනේ පත්වීමේ පසු විඝණාධිපති පත්කරීම, අග්‍රවිනිශචය කාරවරයා පත්කීම් වැනී පත්කිරීම් ජනාධිපති වරයා සතු බල තල අඩු කර ඇති අතර මැතිවරණ කොමිසම,තොරතුරු දැන ගැනීම පත, පොලිස්කොමිසම, විවිධ කොමිෂන් සභා පත්කිරීම වැනි පත් කිරීම් 19 සංශෝධන පනතසම්මත කිරීම තුලින් නිදහස ලබාදී ඇතැයිද 19 වන සංශෝධන පන සම්මත කර ගැනීමට සෑම මන්ත්‍රීවරයෙ‍කුගේම නිවසට ගොස් සහය ලබාදෙන ලෙස ඉල්ලා සිටිබවද පැවසීය .

අප රණවිරුවන් අංගෙඩියට යවන බවට විපක්‍ෂයේ අය අපටචෝදනා නගනවා, අපි නොවයි රණවිරුවන්ට අසාධාරණ කම් කලේ. පසුගිය රජය කාලයේයි.යුද හමුදාව ට අයිතිව තිබු අක්කර 6ක භුමියඉඩම (සැන්ඩ්‍රිල්ලා ) හෝටලයක් ඉදි කිරීමට දුන්නේ අපට චෝදනා නගන අයයි, අද යුද හමුදාවේ ලොකු නිලධාරීන්ට තම කාර්යාල පවත්වාගෙන යන්නේ කුලියට ගත් ගොඩනැගිලි වලයි. ඒ සඳහා මසකල ලක්‍ෂ ගණන් රජයේ මුදල් වැය කිරීමට සිදුව තිබෙනවා, කෝප්සිටිය ඉදිකිරීමට 99 බද්ධට ඉඩම් දුන්නේ කවුද , මේවා රහසක් නොවෙයි. මා ජනාධිපති වරයා වශයෙන් පත්වුවාට පසු මගේ අනුමැතිය ලබාගැනීමට ගෙනා අවස්ථාවේ මා ප්‍රතික්‍ෂෙප කලා, එපමණක් නොව චීනයේ සංචාරය කල අවස්ථාවේ චීන අගමැති වරයා සමග සාකච්ඡා කර මෙය මේ ආකාරයට බදු දිය නොහැකි බව පවසා අනුනම බද්ධ වෙනස්කර නව බදුක්‍රමයකට දීමට කටයුතුකල බවද පැවසීය.

පසුගිය රජය කාලයේ ට්‍රිලියන 10ක් විදේශ රටවලින් මේ රටට මුදල් ලබාගෙන තිබෙනවා, ට්‍රිලියන යක් කියන්නේ කෝටි දාහක්, මේ මුදල් වලින් කුමක් කලාද කියා සඳහනක් නැහැ, මේ ආණ්ඩුව කාලේ ලබාගත් මුදල් ලාබ මුදල් අමාත්‍යංශයට ලැබී නැතැයි කී ජනාධිපති වරයා ලාභ පුද්ගලික සමිගම් වලට ගොස් ඇතැයිද පැවසීය.

ඉදිරියේදී මිහින් ලංකා සමාගමේ සිදුව ඇති මුදල් වංචාව පිළිබඳව සොයා බැලීමට කොමිෂමක් පත් කරනවා, එහි මුදල් වංචා කල අයටත් පක්‍ෂ පාට නොබලා දඬුවම් කරනු ලබනවා, යයි පැවසු ජනාධිපතිවරයා කොමිෂණ් පත්කර වරදකරුවන්ගෙන් හිර ගෙවල් පිරවීම අපේ අරමුණ නොවයි. වැරදි කරණ අය අල්ලා හිර ගෙවල්වලට දැමීමෙන් රට හදන්න බැහැ. මුදල් වංචා කල අයගෙන්

මුදල් අය කරගෙන වැරදි නොකරණ අයගෙන් පිරුණු රටක් හැදීමයි අපේ අරමුනයයි කියා සිටියේය.

ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පිරිසිදු පක්‍ෂයක්. ඉදිරියේදී පවත්වන මැතිවරණය සඳහා මේ රටේ වාමාන්ෂිකව්‍යාපාරය ශක්තිමත් කල සියසිරි විජේනායක,ධීවර ඇමති විජේසිංහ ,චමිර පෙරේරා යන අය අප පක්‍ෂ සමග සන්ධාන ගතව සිටිනවා මැතිවරණ අවසථාවලදී අපහාස, උපහාස විඳින්න සිඳුවනවා2016දී මැතිවරණයට යන්න එපා පරදිනවා කිය මා පක්‍ෂ ලේකම් වරයා වශයෙන් ලිපියකින් මහින්ඳ රාජපක්‍ෂ මහතාට දැනුම් දුන්නා එය ගනන් ගත්තේ නැතැයිද මෛත්‍රී පාල සිරිසේන මහතා තමාට මල්ලී යයි ඇමතු බවත් තමාද අයියා වශයෙන් හැඳුන්වු බවත් 2008 මැතිවරණයෙන් පසු මුල් තත්වයවෙනස්වු අතර පක්‍ෂයේ කටයුතු වෙනතකට පෙරළුන බව කීය..

සිරිමාවෝ බණ්ඩාරනායක,ඇස්.ඩබ්ලිව් බණ්ඩාර නායක,ඩඩ්ලි සේනානායක,එෆ්.ආර් සේනා නායක වැනී රටට ආදරය කරන නායක යින් පසුගිය කාලයේ සිටියා , ඒ නායකයින්ට මේ රටේ ජනතාව ආදරය කලා, දෙවිවරුන්ට වගේ සැලකුවා අද මොකද වෙලා තියෙන් නේ,දේශපාඥයින්ගෙන් සියට පනහක් 50 %ක් දුෂිතයි. ප්‍රාදේශීය සභා මට්ටමින් බොහෝදෙන් දේශපාලනයට පැමිණෙන්නේ මුදල් හම්බ කරන්නයි. 78 ජේ.ආර් ජයවර්ධන මහතා ගෙනා මනාප ක්‍රමය මෙයට හේතුවයි. මා මෙ සියල්ල කනපිට පෙරළුවා, බලතල පාර්ලිමෙන්තුවට දුන්නා.යයි ජනාධිපතිවරයා පැවසීය.

ආර්ථික වශයෙන් ජනතාවට ජීවන වියඳමක් තිබෙනවා,මේ මැතිවරණයෙන් පස්සේ ආර්ථික සැලසුම් සහගත වැඩ පිලිවෙලක් ඇති කිරීමට බලා පොරොන්තු වන්නේයයි කී ජනාධිපතිවරයා ඒ සඳහා ආර්ථික සභාවක් පිහිටුවි වා කටයුතු කරන පැවසීය.

රත්නපුර දිස්ත්‍රික්කය වැවිලි ,සහ කෘෂි කාර්මික වගා වලින් හා මැණික් කර්මාන්තයෙන් පොෂණය වන දිස්ත්‍රික්කයක්,වැවිලි වගා ශේෂ්ත්‍රය සහ කෘෂි කාර්මික ශේෂ්ත්‍රය නගා සිට වීමටත් ප්‍රදේශයේ මැණික් කර්මාන්තයෙන් ජීවත්වන ජනතාවට මැණික් කර්මාන්තය පරිසරයටහානියක් නොවන පරිදි කරගෙන යාමට රටේ ජනාධිපති වරයා වශයෙන් සහ පරිසර ඇදති වරයා වශයෙන් කටයුතු කරන බවද කී මෛත්‍රී පාල සිරිසේන මහතා අද අපේ රටේ රත්නපුර , මාතර ,කැගල්ල දිස්ත්‍රික්ක කංවතුර තරජනවලට ලක්වනවා සේම අනුරාධපුර මැදවච්චිය වැනි ප්‍රදේශ නියඟයෙන් බැටකනවා මේවාට ඉදි‍රියේදී නිසි විසඳුම් ලබාදීමට බලාපොරොන්තු වන බව කීය.

දිවයියේ පලාත්පාලන ආයතන 442පෙබරවාරි 10 දා මැතිවරණය පැවැත්වෙනවා, මේ පලාත් පාලන මැතිවරණ ආයතන වලින් 339 කට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අත ලකුනින් සහ සමහර ප්‍රදේශවල බුලත් කොලයෙන් හා අතාවුල්ලා මහතාගේ පක්‍ෂය අස්වයා ලකුණින් තරඟ කරනවා මේ රත්නපුර දිස්ත්‍රික්කය බුලත් කොලයෙනුයි තරඟ කරන්නේ.අපි මැතිවරණ කටයුතු ආරම්භ කල දින පටන් ශ්‍රී ලංකා නිදස් පක්‍ෂය ප්‍රමුඛ නිදහස් සන්ධානය වටා ජනතාව දිනෙන් දින එක්රෝක වනවා පෙබරවාරි 11 දා වන විට අප සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බවද වැඩිදුරටත් ජනාධිපති මෛත්‍රිපාල සරිසේන මහතා කියා සිටියේය.

රත්නපුර විශේෂ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();