ඉදිරියේදී රටට ගැලපෙන, ගැටුමක් ඇති නොවන ඕනෑම සංශෝධනයක් කිරීමට ජනාධිපතිවරයා පසුබට නොවනු ඇතැයි ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
සම්මුතිවාදී ආණ්ඩුව තුළදී ජනාධිපතිවරයාට දුර දිග බලමින් ඉවසීමෙන් තීන්දු තීරණ ගැනීමට සිදු වු නමුත් ඉදිරියේදී ජනාධිපතිවරයාට කඩිනම් ක්ෂණික තීරණ ගැනීමට සිදු වනු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට පෙරේදා (24) එක් වෙමිනි.
සම්මුතිවාදී ආණ්ඩුව යටතේ ජාත්‍යන්තරය ජය ගැනීමට හැකි වීම විශාල ජයග්‍රණයක් බව කී ඇමැතිවරයා, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපති කිරීමට, මාධ්‍ය නිදහස ඇති කිරීමට, නීතියේ ස්වාධීනත්වය ඇති කිරීමට හැකියාව ලැබුණු බවද කීවේය.
බැඳුම්කර සිද්ධිය නිසා සියල්ල යට ගිය නමුත් ජනාධිපතිවරයා ඉදිරියටත් දුෂණය පිටු දැකීමට මෙන්ම ජනතාව ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වන දේ ඉටු කිරීමටත් කටයුතු කරනු ඇතැයිද හෙතෙම මෙහිදී කියා සිටියේය.
බැදුම්කර සිද්ධියට සම්බන්ධ වුවන්ට 2020 ට පෙර දඩුවම් ලබා දීමට කටයුතු කරන බවත් නව රජයකට එහි වගකීම බාර නොදෙන බවත් කීවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අබේවර්ධන මහතා මෙසේද පැවැසීය.
මහ බැංකු අධිපතිවරයා පත් කිරීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශයක් කර තිබුණා. නමුත් ඒ පත් කිරීම සම්බන්ධයෙන් දෝෂාරෝපණයක් ජනාධිපතිවරයාට කිසිසේත්ම එන්නේ නැහැ. මහ බැංකු අධිපති පත් කළේ මුදල් ඇමැතිවරයාගේ නිර්දේශය මතයි. දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොමිසන් සභා වර්තාවේ සාක්ෂි සම්පීඩනය කොටස ඔස්සේ දක්වා ඇති කරුණු වලින් ඒ බව දැනගන්න පුළුවන්.
දෙවැනි මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා පත් කළේ වැඩ බලන මුදල් ඇමැති ලෙස මගේ නිර්දේශය මතයි. එම පත්වීම සිදු කිරිමට පෙර රාත්‍රියේ ජනාධිපතිවරයා මට කිව්වා අනුර ප්‍රියදර්ශන ඇමැතිවරයාගේ නිවසට යන්න කියලා. අපි අදාළ ලිපිය සකස් කරලා ෆයිසර් මුස්තාෆා ඇමැතිවරයා සමඟ සාකච්ඡා කරලා පසු පසුදින උදේ ලිපිය ජනාධිපතිවරයාට බාර දුන්නා. ඒ අනුව පැහැදිළි වෙනවා මහ බැංකු අධිපතිවරයා පත් කිරීම සිදු වන්නේ මුදල් ඇමැතිවරයාගේ නිර්දේෂයෙන් බව. ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා යම් වරදක් කළොත් ඒ වගකීම අපිට ගන්න පුළුවන්. අපි ඔහු ව පත් කළේ සුදුසුකම් ඇතිව පසුබිම හොඳින් සොයා බැලීමෙන් පසුවයි. ඔහුගේ පත්වීම ගැන නිර්දේශ කළ මා සහ ජනාධිපතිතුමා ඔහු වරදක් කළොත් එහි වගකීම ගන්නවා. ඒ හැර අපට වගකීම ගන්න බැහැ.
අපි රටේ දුෂණයට විරුද්ධව කටයුතු කළා වගේම දැන් ආර්ථික කවුන්සිලයේ සභාපතිවරයා ලෙසත් ජනාධිපතිතුමා ඒ සම්බන්ධව කටයුතු කරන්න බාර ගෙන තිබෙනවා. අපි විරුද්ධ අදහස් තිබෙන පක්ෂ දෙකක් එකට යන විට අනෙකුත් පක්ෂ එක්ක හවුලේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන කාරණය ගැන එතුමා අවධානය යොමු කරනවා. සම්මුතිවාදී ආණ්ඩුව යටතේ මේ රටට බොහෝ දෙවල් ලැබිලා තිබෙනවා. බැඳුම්කර සිද්ධිය නිසා ඒ දේවල් යට ගිය බව අපි පිළිගන්නවා. නමුත් අපි සම්මුතිවාදී ආණ්ඩුව තුළ ලෝකය දිනා ගෙන තිබෙනවා. එදා අපි ජාත්‍යන්තර බලපෑම්වලින් ජය ගෙන තිබෙනවා. ලෝකයේ අපිට ප්‍රශ්න රාශියක් තිබුණා. හයිබ්‍රිඩ් අධිකරණ, විදේශීය නඩු ඇහිලි, විදේශීය අතපෙවීම්, විදේශීය දඩුවම් දීම් කිසිවක් සිදු වුණේ නැහැ. ඒ සියල්ල අපි දිනා ගත්තා. ඒ ජයග්‍රහණ එක්ක රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ස්ථාපිත කරලා තිබෙනවා. අද නීතිය පක්ෂග්‍රාහී වෙලා නැහැ. අද මාධ්‍යයට ඕනෑම දෙයක් අනාවරණය කරනවා. නිදහස තිබෙනවා. අද මැතිවරණයක් වෙලාවේ මේ නිදහස පැහැදිලිව පෙන්නුම් කරනවා. නමුත් ඒ ජයග්‍රහණ එක්ක බැදුම්කර සිදුවීම වගේ ජනතාව බලාපොරොත්තු නොවුන දේවල් සිදු වෙලා තිබෙනවා. මේ මැතිවරණයේදී ජනාධිපතිතුමා ශක්තිමත් කළ යුතු වන්නේ මේ කාරණා නිසයි. ජනතාව බලාපොරොත්තු වන දේ ඉෂ්ට කිරීමට ජනතාව ජනාධිපතිවරයාට ශක්තිය ලබා දිය යුතුයි.
බොහෝ දේශපාලන පක්ෂවලට මේ කාරණා නිසා අද ජනතාව ඉදිරියට යන්න බැරි වෙලා තිබෙනවා. මාධ්‍ය මේ මතය හරියට යවලා තිබෙනවා. ඒ නිසා සමහරුන්ට සෘජුව ජනතාව ඉදිරියට යන්න බැරි වෙලා තිබෙනවා.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි මැතිවරණය සඳහා මේ වන විට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා ප්‍රධාන රැළි 20 ක් පවත්වා අවසන් කර තිබෙනවා. පෙබරවාරි 7 වැනිදා වන විට ජනාධිපති ප්‍රධානත්වයෙන් තවත් මහජන රැළි 60 ක් පවත්වන්න නියමිතයි. ප්‍රාදේශීය මට්ටටමින් රැස්වීම් 1000 ක් පවත්වා අවසන් කර තිබෙන අතර ගම් මට්ටමින් ද විශාල රැස්වීම් ප්‍රමාණයක් පවත්වා නිම කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාමයෝජනා බාරදී අවසන් වු පසු සීඝ්‍ර වර්ධනයක් ලබා තිබෙන බව සමික්ෂණ වාර්තා අනුව පැහැදිලි වෙලා තිබෙනවා. මේ මැතිවරණ ව්‍යාපාරයේ අනෙක් දේශපාලන පක්ෂවලට වඩා ඉදිරියෙන් අපි ඉන්නවා. විශේෂයෙන් ජනාධිපතිතුමාගේ දර්ශනය ප්‍රකාශයට පත් කළ කාලය තුළ දුෂණ විරෝධී වැඩපිළිවෙළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතට අරගෙන තිබෙන බව සාමාන්‍ය මහජනතාවගේ විශ්වාසයක් තිබෙනවා. ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් කරන ප්‍රකාශ සමඟ අපේ පක්ෂය ඉදිරියට ඇවිත් තිබෙනවා. දුෂණ විරෝධී පෙරමුණ, දුෂණ විරෝධී හඬ ඒ සියලු අය ජනාධිපතිතුමාගේ කාර්යයන් හා එක් වෙලා තිබෙනවා. ලංකා ඉතිහාසයේ මුල්ම වතාවට කොමිසන් සභා දෙකක වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. සියලු මන්ත්‍රිවරුන්ට එහි පිටපත් ලබා දෙන්නටත් කටයුතු කර තිබෙනවා. නිදහසින් පසු කොමිසන් සභා නියමාකාරයෙන් පාර්ලිමේන්තුවේ සභා සම්මත කරලා මන්ත්‍රීවරු අතට පත් වු පළමු අවස්ථාව මෙයයි. ජනාධිපති කාර්යාලයෙන් තමයි මේවා කළේ. එහි නියෝගය දුන්නේ කවුද කියන එක එවිට ජනතාවට ප්‍රශ්නයක් නොවේ. ජනාධිපතිතුමා දුෂණයට විරුද්ධව වේදිකාවේ දී ප්‍රකාශ කරන දේ ප්‍රායෝගිකව පෙන්වා දී තිබෙනවා. විනය සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා විශේෂයෙන් කටයුතු කරනවා. ඌව මහ ඇමැතිවරයාගේ ප්‍රශ්නයේදී ජනාධිපතිතුමා පක්ෂ නායක ලෙස පියවර දෙකක් ගත්තා. එම චෝදනා ඔප්පු වෙන්නත් පෙර අධ්‍යාපන ඇමැති ධූරය ඉවත් කළා වගේම උසාවියට ගෙන යාමේ දී ජනාධිපති බලය භාවිතා නොකර නිදහසේ කටයුතු කරන්න ඉඩ දීලා තිබෙනවා. ජනාධිපතිතුමා දුෂණ විරෝධී හා විනය විරෝධී කටයුතුවලදී ඒවාට එරෙහිව කටයුතු කර අපි පිරිසිදු දේශපාලන ගමන් මාර්ගයක ගමන් කරන බවට ආදාර්ශයක් ලබා දී තිබෙනවා. මේ මැතිවරණය ව්‍යාපරයේදී එය ශක්තියක් වෙලා තිබෙනවා. දේශපාලන කතිකාවට වඩා වෙනසක් බලාපොරොත්තු වු ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා ගන්නා සෘජු තීන්දු තීරණ ගැන පක්ෂයක් ලෙස අප ආඩම්බර වෙනවා. යැයි ද කීවේය.

0 Comments