Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දඹ රන් බුදු පිළිමයක් ඇතුළු නිදන් වස්තු රොටවැවදී අල්ලයි

 ඉපැරැණි රජ සමයේ නිදන් කළ නිධානයකින් ලබාගත් බවට සැක කරන ඉපැරැණි දඹ රන් බුදු පිළිමයක් ඇතුළු නිදන් වස්තු කිහිපයක් මුදලට අලෙවි කිරීමට සුදානම්කර තිබිය දී අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරක් මත පෙරේදා (18) සවස අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මිහින්තලය මහකනදරාව දකුණු ඉවුර රොටවැව කැලෑ ප්‍රදේශයේ දී සැකකරුවන් දෙදෙනකු රැගෙන ආ කිලෝ ග්‍රෑම් එකක් පමණ බරින් යුතු සමාධි මුද්‍රාවේ බුදු පිළිමයක්, රන් ආලේපිත බුදු පිළිමයක් ඉපැරැණි රන් පැහැයට හුරු මංජුසා තුනක් හා විවිධ වරණයන්ගෙන් යුතු සක් බෙල්ලන් තුනක් පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය. මේ භාණ්ඩ විකිණීමට රැගෙආ බවට සැක කරන පුද්ගලයන් දෙදෙනා පොලිසිය කැලෑව තුළට ගිය අවස්ථාවේ ඒවා දමා පලාගිය බව පොලිසිය පැවැසුවේය.

නිදන් වස්තු බවට සැක කරන සියලුම භාණ්ඩ රතු පැහැති රෙදි කඩක ඔතා තිබූ බවත් බුදු පිළිම හා සක් බෙල්ලන් ඉතා පැරැණි බවට පෙනෙන රත් සදුන් ගැල් වූ රන් පැහැයෙන් යුතු මංජුසාවන්හි තැම්පත්කර තිබූ බවත් පොලිසිය පැවැසුවේය. රොටවැව ප්‍රදේශයේ මහා පරිමාණ ගංජා ජාවාරමක් සිදුවන බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය එහි යද්දී නිධන් වස්තු තොගයක් අලවි කිරීමට පිරිසක් සූදානම් වන බවට අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාට තොරතුරු ලැබී එම ස්ථානය වටලන ලෙස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට උපදෙස් දී තිබුණි.

කැලැව තුළට පොලිස් නිලධාරීන් යද්දී සැකකරුවන් සන්තකයේ තිබූ සියලු නිදන් භාණ්ඩ දමා පලාගිය බවත් එම භාණ්ඩ රැගෙනආ පුද්ගලයන් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවත් පොලිසිය පැවැසුවේය. අත්අඩංගුවට ගත් බුද්ධ ප්‍රතිමාව දඹරන් පිළිමයක් ද යන්න අනාවරණය කර ගැනීමට පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදුකරයි.

අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවරත්න අබේකෝන් උප පොලිස් පරීක්ෂක බී. එස්. චන්ද්‍රසිරි, පොලිස් සැරයන් 12531 සෝමතිලක, පොලිස් සැරයන් රියැදුරු 33601 උද්ධික, පොලිස් කොස්තාපල්වරුන් වන 47791 ජයන්ත, 48059 අමිල ඇතුළු නිලධාරීන් පිරිසක් භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබුණි.

 

ඡායාරූපය - අනුරාධපුර මධ්‍යම විශේෂ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();