Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දම් රැජිණගේ රජ ගමන නවතීද? දැන් පොලීසියේ බල්බ් , ස්ටිකර් ගලවන්න අණ

මෙරට මගී ප්‍රවාහනයේ විශාලතම කාර්ය භාරයක් සිදු කරන්නේ බස් රථ මගින්. කිසියම් හේතුවකට බස් රථ වර්ජනයක් පවතින දිනකට ඒ බව හොදින්ම පැහැදිලි වනවා. එම බස් රථ සේවාවෙන්ද පෞද්ගලික බස් රථ සේවාව මෙරට මහජනතාවට සිදු කරනා සේවය අවතක්සේරූ කළ නොහැකි තරමේ එකක්.

එලෙස විශාල සේවයක් සිදු කරනා පෞද්ගලික බස් රථ අතර “දම් රැජිණ” යන නාමයෙන් ප්‍රසිද්ධ වූ බස් රථයක් සමාජජාලා වෙබ්  අඩවිද ඇතුලු පොදු සමාජයේ ඉමහත් කතාබහට ලක් වුණා. මෙම බස් රථයේ ආකර්ෂණීය පෙනුම සහ ඇතුලත පහසුකම් මේ සදහා හේතූ වී තිබුණා. මෙම බස් රථය වලස්මුල්ල – කොළඹ , මාර්ග අංක 3 ධාවනය වනවා.

කෙසේ වෙතත් වෙනත් බස් රථ වල නොතිබු මෙම විශේෂාංග නිසාම “දම් රැජිණ” බස් රථය පසුගිය දිනවල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර බස් රථය අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. ඒ බස් රථයට එක් කර තිබෙන මෙම විශේෂාංග නිසා බස් රථය අනාරක්ෂිත බව පවසමින්.

මේ අනුව කරුණු සළකා බැලූ අධිකරණය විසින් ” දම් රැජිණ” බස් රථය මාස දෙකක කාලයක් සදහා තාවකාලිකව නිදහස් කර තිබෙන අතර ඒ බස් රථයේ  “ඉදිරිපස පිටුපස ස්ටිකර් , ටින්ටඩ්,කන්නාඩ් ආම්,ඇතුලත පිටත ලයිට්,ප්ලග් පොයිට්,ටිව්,කුල් බොක්ස්,වොටර් ඩිස්පෙන්සර් ඇතුලු තවත් දේ”  ගලවා අලුත්කඩේ අධිකරණයට වෙත පෙනි සිටින ලෙස නියෝග කිරීමෙන් අනතුරුවයි.

දම් රැජිණිගේ ඡායාරූප කිහිපයක් පහතින්..

1 3 4 6 10

8 9 10

2

7



from Gossip Lanka News & Video http://ift.tt/2Gi9CR0
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();