Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නොම්බරය වැරදී ගංජ මුදලාලියි සිතා ඕඅයිසීට පාට්‌ දාලා වැඩ වරද්දා ගත් තරුණයෙක්

පසුගිය 19 වැනි දින ගලේවෙල නගරයේදී විපක්‌ෂයේ මන්ත්‍රීවරයකුගේ ප්‍රධානත්වයෙන් රැස්‌වීමක්‌ පැවැත්විණි.

ඒ සඳහා රාජකාරි පැමිණ සිටි ගලේවෙල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ජානක විතානාච්චි මහතා ඉදිරියට පැමිණි තරුණයෙක්‌ ”සර් මට සමාවෙන්න සර්ට ඔත්තුවක්‌ දෙන්න මට ඔබතුමාගේ දුරකථන අංකය දෙන්න” යෑයි ඉල්ලීමක්‌ කළේය.

ඔහු මත්ද්‍රව්‍ය පාවිච්චිකර සිටි බව පෙනුණත් කිසිවක්‌ නොකියා තරුණයාට සිය දුරකථන අංකය දීමට ස්‌ථානාධිපතිවරයා කාරුණික විය.

තරුණයා සිය දුරකථනයේ එම අංකය සටහන් කර එතැනින් ඉවත් විය. එදින රාත්‍රි 8.00ට පමණ ස්‌ථානාධිපතිවරයාට දුරකථනයකින් ඇමතුමක්‌ ලැබිණි.

“අඩෝ….(පරුෂ වචනයෙන්) ගංජා පැකට්‌ එකක්‌ එවන්න කියලා රුපියල් 400ක්‌ එව්වා. දැන් පැය කීයක්‌ වෙනවද? තෝ දැනගනින් මම ගලේවෙල …… කියලා.

තෝ දන්නෙ නෑ මම කව්ද කියලා… වහාම බඩු එවපිය” ආදි වශයෙන් (ස්‌ථානාධිපතිවරයාට) බැන තර්ජනය කරගෙන ගියේය.

ස්‌ථානාධිපතිවරයාට කාරණය තේරුම් ගියේය. ඔහු මෙහිදී ගංජා මුදලාලිගේ චරිතය රඟ පෑවේය.

“අනේ මචං සමාවෙන්න. කස්‌ටමස්‌ලා දෙතුන් දෙනෙක්‌ ආවා. පොලිසියෙන් බේරිලා බිස්‌නස්‌ එක කරන්නත් එපායැ. පොඩ්ඩක්‌ ඉවසපන්කෝ. මම බඩු එවන්නම්කෝ.” කියමින් දුරකථනය විසන්ධි කළේය.

පසුදා මෙම තරුණයා පොලිස්‌ ස්‌ථානයට ගෙන්වා ගත් ස්‌ථානාධිපතිවරයා පෙරදා රාත්‍රි තමන්ගේ දුරකථනයෙන් පටිගත කරගත් දෙබස ඔහු ඉදිරියේ වාදනය කරවීමට සැලැස්‌වීය. එහිදී පෙරදා රාත්‍රි ගංජා මුදලාලිගේ දුරකථන අංකය කියා සිතා තමන් කතා කර ඇත්තේ ඕ. අයි.සී.ට බව තේරුම්ගත් තරුණයාට තරු පෙණිනි.

අනතුරුව තමන් ගනුදෙනු කරන ගංජා මුදලාලිගේ වගතුගද ස්‌ථානාධිපතිවරයාට හෙළි නොකර සිටීමට තරුණයාට නොහැකි විය.

අනතුරුව එම පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට ස්‌ථානාධිපතිවරයා පියවර ගත්තේය.



from Gossip Lanka News & Video http://ift.tt/2BtF7El
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();