Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පද්මාවතී ප්‍රදර්ශනයට සැරසෙද්දී ගුජරාටයේ ප්‍රචණ්ඩ ක්‍රියා

ප්‍රාන්ත රැසකම ආරක්ෂාව තර කරයි

ආන්දෝලාත්මක 'පද්මාවතී' බොලිවුඩ් චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා සිනමා ශාලා පියවර ගනිමින් තිබියදී ඊට විරෝධය පළ කරමින් හින්දු දක්ෂිණාංශික කණ්ඩායම් වල ආධාරකරුවන් විසින් ගුජරාට ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණ විනාශ කරමින් රථ වාහන ගිනිබත් කරමින් ප්‍රචණ්ඩකාරී හැසිරෙන බව ගුජරාට පොලිසිය පවසයි.

පෙරේදා රාත්‍රියේ අහ්මදාබාද් නගරයේ රැස්වෙමින් සිටි ප්‍රහාරක කණ්ඩායම් විසුරුවා හැරීමට වෙඩි තැබීමට පවා සිදු වී බව ද ගුජරාටයේ පමණක් නොව තවත් ප්‍රාන්ත කීපයක ද ආරක්ෂාව තර කිරීමට සිදු වූ බව ද ඉන්දීය පොලීසිය පවසයි.

අන්තවාදී කණ්ඩායම් කියා සිටින්නේ ඉන්දීය පුරාවෘත්තයක් වන 'පද්මාවතී' නමින් හින්දු රැජිනගේ චරිතය පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද චිත්‍රපටය ඉතිහාසය විකෘති කර ඇති බවයි. එම චෝදනාව චිත්‍රපටයේ නිර්මාණකරුවන් ප්‍රතික්ෂේප කරන අතර එම චිත්‍රපටය තහනම් කරන ලෙස ඉල්ලා ඉන්දීය ශ්‍රේෂඨාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ පෙත්සම් සියල්ල ද ප්‍රතික්ෂේප වූයේ කතා කිරීම සහ අදහස් ප්‍රකාශනය සඳහා ඇති අයිතියෙන් සිනමා කලාව වෙන් කළ නොහැකි බව සඳහන් කරමිනි.

සන්ජේ ලීලා භන්සාලි අධ්‍යක්ෂණය කරනු ලබන 'පද්මාවතී' දා හතර වෙනි සියවසට අයත් මුඛ පරම්පරා ගත වෘත්තාන්තයක් පාදක කර ගනිමින් නිර්මාණය කර ඇත. එහි ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං වන අතර එම අභිමානවත් චරිතයට දීපිකා පදුකෝන් පණ දීම එම පරමාදර්ශී චරිතය කෙලෙසීමක් බව පවසමින් රාජ්පුත් සහ හින්දු කණ්ඩායම් පද්මාවතී චිත්‍රපටයට එරෙහිව නැගී සිටී. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();