Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික අයෝමය ශූරතාව යුද හමුදාවේ අමිලට

Author(s): 
ගීෂා මුණසිංහ

ශ්‍රී ලංකා‍ ‍කායවර්ධන හා ශාරිරීක යෝග්‍යතා සම්මේලනය 70 වැනි වරටත් සංවිධාන කළ ජාතික අයෝමය පුරුෂයා තේරීමේ තරගයෙන් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ ඩබ්ලිව්. ජී. අමිල ජාතික අයෝමය පුරුෂයා ලෙස අභි‍ෂේක ලැබීමට සමත් විය.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව ආවේ මරීයා සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා වර්ධන තරගාවලියට ශ්‍රී ලංකා යුද හමුදාවේ පොදු සේවා බළකායෙන් එක්වූ සැරයන් ඩබ්ලිව්. ජී. අමිල ශූරතා කුසලානය සමගින් මුදලින් රුපියල් 150,000 ක් දිනා ගැනීමට සමත් විය.

තරගකරුවන් 120 දෙනෙකු සහභාගී වූ තරගාවලියේ අනු ශූරතාව යුද හමුදාවේ එච්.ඒ.එස්.සම්පත් විසින් හිමිකර ගනිද්දී තෙවැනි ස්ථානය නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඩබ්ලිව්.ඩී. සී. ඩයස්ට හිමිවිය.

බර පන්ති 9ක් යටතේ හා අවුරුදු 21ට අඩු විවෘත තරගයකින් සහ අවුරුදු 50ට වැඩි ප්‍රවීණයන් වෙනුවෙන්ද තරග ඉසව්වක් ද පැවැත්විණි.

අවුරුදු 21න් පහළ කනිෂ්ඨ ශූරතාව යුද හමුදාවේ එම්. රාජකුමාරන්ටත් අවුරුදු 50ට වැඩි ප්‍රවීණයන්ගේ ශූරතාව දෙහිවල ගල්කිස්ස ක්‍රීඩා සමාජය නියෝජනය කළ නිශාන්ත පෙරේරාටත් හිමිවූහ. සමස්ත තරගාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ කායවර්ධන ක්‍රීඩකයන් රන් පදක්කම් 06ක්, රිදී පදක්කම් 3ක් හා ලෝකඩ පදක්කම් 2ක් හිමිකරගැනීමට සමත් විය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();