Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලලිත් වීරතුංගට රට යන්න අවසර නැහැ

විදෙස්ගත වීම සඳහා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ සහ කටාර් රාජ්‍යයේ සංචාරය සඳහා අවසර දෙන ලෙස ලලිත් වීරතුංග අධිකරණයෙන් කර තිබූ අවසර ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුවයි.

අධිකරණය භාරයේ ඇති වීරතුංගගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හැර කෙටි කාලයක් සඳහා විදේශගත වීමට ඔහුට අවසර ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ යොහාන් විජේවික්‍රම අධිකරණය හමුවේ කියා සිටියේ ය.

කෙසේ වෙතත්, අධිකරණයෙන් දඬුවම් නියමව ඇප මත මුදාහැර සිටින, විත්තිකරුවෙකුට විදෙස්ගත වීම සඳහා අවසර ලබා දීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ප්‍රකාශ කළේ ය.

සිල්රෙදි නඩුවේ චෝදනාවටන්ට අධිකරණය හමුවේ වරදකරු වීම හේතුවෙන්, වසර 03 සිරදඬුවම් නියම වූ ලලිත් වීරතුංග ඇප මත මුදා හැර සිටියි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();