යාපනය ප්‍රදේශයේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනිම සදහා මැලේසියාවේ මහාකරුණා බෞද්ධ සංගමයේ සම්පත් දායකත්වය මත ප්‍රදේශයේ පාසල් දරුවන් 2350 දෙනෙකු සඳහා පසැල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් දෙදිනක් පුරා යාපනය පාසල් 06ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණ.
ඒ යාපනය ආරකෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ඉල්ලිමට අනුවයි.
උරුම්පිරායි හින්දු විද්‍යාලය, උඩුප්පිලු කාන්තා විද්‍යාලය, නෙල්ලිඅලු මධ්‍ය මහා විද්‍යාලය, ඉන්නාවීල් ආර්,සී,ටී විද්‍යාලය සහ චාවකච්චේරි හින්දු විද්‍යාලය යන විද්‍යාලවලදි අදාළ පාසැල් උපකරණ බෙදා දෙන ලදි.
මැලේසියාමේ මහාකරුණා බෞද්ධ පදනමේ අනුශාසක මැලේසියාමේ ප්‍රධාන අධිකරණ සංඝනායක බුටාවත්තේ ශ්‍රි සරණංකර හිමියන්ගේ සහ ලෝක තරුණ භික්ෂු සංග සභාමේ මහා ලේඛම් මුගුණුවේල අනුරුද්ද නායක හිමියන්ගේ වැඩමවීමෙන් පැවැත්වුනු මෙම උත්සවය සදහා සඳහා මහාකරුණා බෞද්ධ සංගමයේ සභාපති ජෙකොබ් චැන් ඇතුලූ විදේශ දූත පිරිසක්ද සහභගී විය.

0 Comments