බැඳුම්කරය සම්බන්ධ විවාදය පෙබරවාරි මස 21 හා 21 දිනවල පැවැත් වීමට තීරණය වූයේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් අනුව බවත් එක්සත් ජාතික පක්ෂය ඕනෑම අවස්ථාක අදාළ විවාදයට සූදානම් බවත් සභානායවක, උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මෙම විවාදය එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවට මැතිවරණයෙන් පසු දිනයක් යොදා ගත් බවට ඇතමුන් කරන ප්‍රකාශ සත්‍ය යෙන් තොර බවත් පසුගිය 10 දින අගමැතිවරයා විවාදය සඳහා දොරටු විවෘත කරමින් පාර්ලිමේන්තුවේ අදහස් දක්වද්දී එය කඩාකප්පල් කළේ අද එක්සත් ජාතික පක්ෂයට අභූත චෝදනා එල්ල කරන උදවියම බවත් ඒ මහතා කීවේය.
මහනුවර ඕක්රේ හෝටලයේ පැවැති නියෝජත හමුකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කිරිඇල්ල මහතා ඊයේ (28) ඒ බව ප්‍රකාශ කළේය
බැඳුම්කර වාර්තාවේ අගමැති පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බවත් ගොබෙල්ස් න්‍යාය පාවිච්චි කරමින් අද ඇතමුන් අගමැතිවරයා වැරදිකරුවෙකු කරන්නට උත්සහ කරන බවත් කී ඒ මහතා එදා පාර්ලිමේන්තුවේ තමන් අදහස් දැක්වීමෙන් පසු පස්වරු 6.00 දක්වා බැඳුම්කර විවාදය පැවැත් වීමට අගමැතිවරයා එකඟතාව පළ කර සිටි බවද අවධාරණය කළේය.
මැතිවරණයක් සමඟ සිංගප්පූරු හා ඉන්දුනිසියා රාජ්‍යය නායකයින් මෙරටට පැමිණ තිබෙන අවස්ථාවක බලවත් වංචා විමර්ශන වාර්තා 34 ක් හා බැඳුම්කර වාර්තාව එකට සාකච්ඡාවට ගැනීම සඳහා අවශ්‍ය අධ්‍යන්‍යයන් කිරීමට තරම් කාලයක් මන්ත්‍රීවරුන්ට නොමැති බැවින් ඔවුන් ඒ සඳහා කල් ඉල්ලා සිටි බවත් කතානායක වරයා තීන්දු කරන ඕනෑම අවස්ථාවක මේ පිළිබඳ විවාද කිරීමට එජාපය සූදානම් බවත් කී ඒ මහතා පාර්ලිමේන්තුවට කලාතුරකින් ඇවිත් විනාඩි දෙක තුනක් රැඳී සිට පිටව යන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සිදු වන දේවල් නොදැන බොහෝ වැරදි ප්‍රකාශ සිදු කරන බවද අවධාරණය කළේය.

0 Comments