මහින්ද අලුත්ගෙදර, බකමූණ සිට ...
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව ලබාගත් සුවිශේෂී යුද ජයග්‍රහණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දස මහා යෝධයින් මෙන් දැවැන්ත ශක්තියක් ලබාදුන් අපට ඒ මහතා පයින් ගැසූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
යුද්ධය දිනූ නමුත් එය මහින්ද රාජපක්ෂ මහතා විසින් තනිවම කළ දෙයක් නොවන බව පෙන්වාදෙන ඒ මහතා පෙර රජ දවසේ දුටුගැමුණු රජතුමා එකළ යුද්ධය දිනුවේ දස මහා යෝධයින් සමඟ බවද එල්.ටී.ටී.ඊ ත්‍රස්තවදාය පරාජය කිරීමෙහිලා මහින්ද රාජපක්ෂ මහතාට සිටි දස මහා යෝධයෝ තමා වැනි අය බවද සිහිපත් කරයි. නමුත් අද එතැන කී දෙනෙක් ඉන්නවා දැයි ප්‍රශ්න කරන මෛත්‍රීපාල සිරිසේන මහතා එදා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සිටි සියලු දෙනාම අද ශ්‍රී ලංකා නිඳහස් පක්ෂය හා තමා සමඟ සිටින බවද පෙන්වාදෙයි.
2010 ජයග්‍රහණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා පුදුමාකාර ලෙස වෙනස් වුණු බව සිහිපත් කරන ජනාධිපතිවරයා අපිව අමතක කළ බවද දස මහා යෝධයින්ට පයින් ගැසූ බවද කියාසිටී. එවැනි පිරිස් ඉවත්කර පවුලේ අය සමඟ පමණක් සාකච්ඡා කොට ආණ්ඩු කරන්න උත්සාහ කළ නමුත් මේ රට ඒ තත්ත්වයෙන් වෙනස් කරන්න තමා රට බාරගත් බවද කියාසිටී.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිඳහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඇළහැර ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් බකමූණ නගරයේ දී පෙරේදා (24) පැවැති ජනහමුවට එක්වෙමිනි.රටේ බලයත් ගමේ බලයත් නිදහසට යන්න තේමාව කරගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරයි.
මෙහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ මහා සංඝරත්නය කියන දේ අහන්නැයි කියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාට කියන නමුත් එදා මහා සංඝරත්නය කියන දේට ඇහුම්කන් නොදුන්නේ කවුරුන් දැයි ප්‍රශ්න කරන බවත් මහනුවර වැව රවුමේ කුමාරවරු රවුම් ගහන්න, රේස් පදින්න ගිය පසු මේ බෞද්ධ පුරවරයෙන් මෙවැනි දෑ නොකරන ලෙසට අස්ගිරි, මල්වතු, රාමඤ්ඤ නිකායේ මහා නාහිමිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ නමුත් ඒවා නොඇසූ බවත්ය. මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම්වලට වඩා ඒ මහතාට දරු සෙනෙහස ලොකු වූ බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ තමා සමඟ තරහක් තිබෙනවා නම් තමාට දඩුවම් කරන එක වෙනම දෙයක් බවත් වසර පහක්, හයක් යනතුරු මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය වෙනුවෙන් මුදල් වෙන් නොකර දඩුවම් කළේ රජරට ජනතාවට සහ වතුර නොමැතිව දුක්විඳින ගොවි ජනතාවට බවත්ය.
උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල, ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

0 Comments