උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් පහසුවෙන් ලබාගැනීම සඳහා විවිධ රටවල් වල තැනින් තැන යොදා ඇති යන්ත්‍රයක් පුපුරා පුද්ගලයෙකු මියගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා
ජර්මානු ජාතික තරුණයෙක් මෙලෙස කොන්ඩම් ලබාගැනීමේ යන්ත්‍රයක් පුපුරුවා හැරීමට උත්සාහ කර තිබෙන අතර එයට හසුවීමෙනුයි ඔහු මෙලෙස මියගොස් ඇත්තේ
මොවුන් නත්තල් දින තමන්ගේ නිවසේ සෑදූ බෝම්බයක් කොන්ඩම් යන්ත්‍රයකට සවිකර එය පුපුරුවා හැරීමට තැත් කර ඇත්තේ වාහනයට මුවාවීයි
නමුත් එලෙස මුවාවීමට එක් අයෙකු සැරසෙන අවස්ථාවේදී එය පුපුරාගොස් එහි වූ කැබැල්ලක් හිසේ වැදී තිබෙනවා
මොවුන්ට කොන්ඩම් යන්ත්‍රයෙන් මුදල් හෝ කොන්ඩම් සොරාගැනීමට ලැබී නැති අතර රෝහල් ගතකිරීමෙන් පසුව ඔහු මියගොස් තිබෙනවා
from Gossip Lanka News & Video http://ift.tt/2Dv8tnl
via internet

0 Comments