දීර්ඝ කාලයක් පුරා ම ගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුම් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම මෙම 08 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පැවරේ.
මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ මෙම වසර අවසානයේ වුවද මගී ජනතාවගේ පහසුව සඳහා එහි කටයුතු මාස 11කට පෙර නිම කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගැනිණ.
ස්පාඤ්ඤ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ මෙහි ඉදිකිරීම් ආරම් කළ අතර වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700කි.
මංතීරු හතර බැගින් වූ මෙම ගුවන් පාලම දිගින් මීටර් 534ක් වන අතර මීටර් 180ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්ය.
මීට සමගාමීව අවට මාර්ග රැසක් සංවර්ධනය කෙරෙන අතර නාරාහේන්පිට දෙසට ගමන් කිරීම සඳහා විකල්ප මාර්ගයක් මෙන්ම බුත්ගමුව දෙසට මාර්ගය මංතීරු 03ක් සහිතව සංවර්ධනය කෙරේ.
ඉහළ නවීන තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකර තිබෙන පාලම යකඩ මත කොන්ක්‍රීට් අතුරා ලංකාව තුළ ඉදිකළ ප්‍රථම ගුවන් පාලම ලෙසද ඉතිහාසයට එක්වන අතර එමෙන්ම ලංකාවේ ඉදිකළ අලංකාරවත්ම ගුවන් පාලම ද වෙයි.
දිනකට වාහන ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් එහා මෙහා ගමන් කරන රාජගිරිය මංසන්ධිය යනු මෙරට තුළ තිබෙන අධික වාහන තදබදයක් සහිත මංසන්ධියක් ලෙස සැලකේ.
මෙම අධික වාහන තදබදය පවතින අවස්ථාවල එම මාර්ගයේ වාහනවල වේගය පැයට කිලෝමීටර් දෙකක පමණ ඉතාම මන්දගාමී තත්ත්වයක පවතින අතර මෙම පාලම විවෘත කිරීමෙන් අනතුරුව රාජගිරිය අවට මාර්ගවල පවතින තදබදය තුරන් වී දැනට පවතින වේග සීමාව අට ගුණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තිරසර සංවර්ධනයේ අරුණළු රටට උදාකර දෙමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ වත්මන් රජය තුළ ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන වැඩපිළිවෙළේ මාර්ග සංවර්ධන හා සමගාමීව සිදුවන තවත් එක් සුවිශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම ගුවන් පාලම හඳුන්වාදිය හැකි අතර මෙරට ආර්ථිකය ශකතිමත් කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙළේ සුවිශේෂී අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය.
රාජගිරිය නව ගුවන් පාලමේ දිග මීටර 534කි. රුපියල් මිලියන 4,514,77 වැය කරමින් මංතීරු 04ක් ලෙස මෙම නව රාජගිරිය ගුවන් පාලම නිර්මාණය කර ඇත. මීටර 180ක පිවිසුම් මාර්ගය ක් සහ සමාන්තර පදික වේදිකා 02ක්ද මෙම ගුවන් පාලමට අන්තර්ගතව ඇත.
මේ වන විට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් සහ කඩුවෙල අන්තර් හුවමාරු මධ්‍යස්ථානය මඟින් ශ්‍රී ලංකාවේ වෙළඳ අගනගරය වන කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශයට ඇතුළු වන වාහන ප්‍රමාණයද මහරගම, නුගේගොඩ ආදී ප්‍රදේශවලින් රාජගිරිය පසුකරමින් බොරැල්ල, මරදාන ආදී සෙසු නගර වෙත ද දෛනිකව ගමන් කරන වාහන ප්‍රමාණය ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බව මේ වන විට ගණන් බලා ඇත.
මෙම මාර්ගයේ වාහන ධාවන වේගය පැයට කි. මි. 2. 5 මිට 3ක් පමණ විය. මෙම නව රාජගිරිය ගුවන් පාලම ඉදිකිරීම් මඟින් වාහනවල ධාවන වේගය පැයට කි. මි. 20 ක් දක්වා වර්ධනය කර ගත හැක.
නාගරික ප්‍රදේශයන්හි පවතින දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස රාජගිරිය ගුවන් පාලමට අමතරව ගනේමුල්ල නගරයේ සහ පොල්ගහවෙල නගරයේ ද තවත් ගුවන් පාලම් දෙකක ඉදිකිරීම් මේ වන විට අවසන් කර ඇත. මෙම ගුවන් පාලම් ත්‍රිත්වය දියුණු රටවල පවතින ඉදිකිරීම් තාක්ෂණය අනුව යමින් උසස් ප්‍රමිතියෙන් යුතුව ස්පාඤ්ඤ රජයේ ආධාර මත ඉදිකර ඇත. මෙම ගුවන් පාලම් ඉදිකිරීම් තුළින් රථවාහන තදබදය හේතුවෙන් වාර්ෂිකව අපතේ යන ඉන්ධන ප්‍රමාණය ඉතිරි කර ගැනීමට හැකිවන අතර ගමන් කාලය අවමවීම නිසා රටේ ආර්ථිකයට සිදු වන අලාභය අවමකරගත හැක. එම පාලම් දෙකද මේ මාසය තුළ ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
0 Comments