Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2011 නගර සභාවල සිටියේ කාන්තාවන් 56යි

Author(s): 
හල්තොට සමුහ - විනිතා මානෙල් ගමගේ

මෙදා පාර 1006කට අවස්ථාව ලැ‍බෙනවා

පසුගිය කාලෙදි තිබුණ දුෂිත සහ අපේ රටට අනවශ්‍ය මැතිවරණ ක්‍රමයේ ආසන්නතම වේදනාකාරී කනගාටුදායක ප්‍රතිඵලයක පුරුකක් මම. එදා තිබුණ පළාත් පාලන මැතිවරණයේ දී තිබුණ පොරය නිසා දුෂිත ක්‍රමය නිසා ජීවිතයෙන් සමුගන්න වුණා මගේ පියාට. එහි ප්‍රතිඵලයක් තමයි අද මේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව ඔබට දායාද කරල තියෙන ගමේ මෙම්බර් මහත්තයව තෝරන්න තියෙන ඡන්දය. එදා තිබුණ දුෂිත පාලනයෙන් අතුගාල දාල අවසාන ප්‍රතිඵලය තමයි පෙබරවාරි මාසෙ ඔබ සියලු දෙනාටම වගකියන ගමට වගකියන නායකයෙක් නායිකාවක් ඔබට තෝරා ගන්න අවස්ථාව ලබා දෙන්නෙ. ඒ ක්‍රමයේ අතුරු ප්‍රතිඵලයක් හැටියට යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා පේමචන්ද්‍ර මහත්මිය මිල්ලනියේ දී පැවැසුවාය.

ඒ ක්‍රමය ඔබට ලබා දුන්නෙ එජාපය. අවු. 20ක් තිස්සෙ පාලනය කරපු ආණ්ඩුවට පුළුවන් වුණේ නෑ ගමට නායකයෙක් තෝරන්න. මහින්ද රාජපක්ෂ මහත්තයගෙ දේශපාලන ක්‍රමයට එකම පවුලෙ ඉන්න සහෝදරයයි සහෝදරියයි, එකම පවුලෙ ඉන්න අම්මයි තාත්තයි, එකම පවුලෙ ඉන්න අම්මයි දුවයි, එකම පවුලෙ ඉන්න තාත්තයි පුතයි රණ්ඩුවෙන ක්‍රමයක් එතුමාගෙ මනාප ක්‍රමය. ඒක වෙනස් කරල රටට වග කියන ඔබේ දුකේදි ඔබත් එක්ක එකට අඬන්න පුළුවන් ඔබත් එක්ක එකට හිනා වෙන්න පුළුවන් ඔබේ ගෙදරට ඇවිත් හොඳට කාල යන්න පුළුවන් ඔබේ මරණ ගෙදරට ඇවිත් ඔබට දීල යන්න පුළුවන් කෙනෙක් තෝරන්න අවස්ථාවක් සලසල දුන්නෙ එජාපයයි. ඒ නිසා මම ඉතාම ඕනෑකමින් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනව මෙවර ඔබ තෝරන්නෙ ඔබට වගකියන ඔබේ හිතවතාව. නැතුව සර් කෙනෙක්වත් මැඩම් කෙනෙක්වත් නෙමෙයි.

මගෙ ඉස්සරහ අපේක්ෂකයො දෙන්නෙක්ගෙ කටවුට් දෙකක් මට පේනව. ලොකුවට මුණවල් පේන්නෙ ඉල්ලන අපේක්ෂකයගෙ. පොඩි මුද්දර සයිස් එකට අගමැතිවරයාගෙයි අජිත් පී පෙරේරා මහතාගෙයි පින්තූරයක්. ඒක තමයි හරි ඒ ක්‍රමය තමයි වෙන්න ඕනෑ. ඒත් අපේ රත්මලාන පැත්තෙ ඔය ක්‍රමයට කටවුට් එකේ ලොකුවට ඉන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තය. මුද්දරයක් සයිස් එකට අපේක්ෂකයගෙ පින්තුරෙ තියෙනව. ඒ පින්තුරෙ කාටවත් පේන්නෙ නෑ. ඇයි ඒ. මහින්ද රාජපක්ෂ මහතා නෙමෙයිනෙ ඡන්දෙ ඉල්ලන්නෙ. හයේ හතරෙ ලොකු කටවුට්. මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ මුණ දාල පිටිපස්සෙන් පොහොට්ටුව ඉස්සරහට දාල මේ සැරේ ඡන්දෙ ඉල්ලන්නෙත් ඉස්සර හිටපු කුඩුකාරයොමයි. මංකොල්ලකාරයොමයි ඉස්සර හිටපු දුෂිතයොමයි. ඔවුන්ට වෙන පිළිසරණක් නෑ. හරි කනගාටුයි කියන්න. ජනාධිපතිවරයෙක්, රටේ හිටිය නායකයෙක්, අපේ රත්මලාන පැත්තෙ පොහොට්ටුව ඉදිරියෙන් කතිරෙ දාල තියෙනව. ඉතින් එතුමද ඉල්ලන්නෙ. කුරුණැගල ඇත්තෙත් නැ. කල්පනා කරල බලන්න. ඒ නිසා කවුරු හරි කියනව නම් මෙවර මැතිවරණයෙ ජයග්‍රහණයෙන් පස්සෙ එතුමා ඉස්සරහට එනව, එහෙම නැත්නම් අගමැති වෙනව, කියල අත පුරවල කනට දෙකක් දෙන්න. 2020 වෙනකම් මේ ජනාධිපති වෙනස් වෙන්නෙත් නෑ. අගමැති වෙනස් වෙන්නෙත් නෑ. 2020 වෙනකම් මේ ආණ්ඩුව වෙනස් කරන්න බෑ. මේ පොඩි දේ තේරුම් ගන්න බැරි මැට්ටො ටිකක් තමයි අද පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්නෙ කියලයි මමනම් කියන්නෙ. මගෙ ආසනේ ගහල තියෙනව පෝස්ටරයක් බුලත් කොලේ කරපු දෙයක් නෑ අලිය කරපු දෙයක් නෑ සීනුව කරපු දෙයක් නෑ ඒ නිසා පොහොට්ටුවට ඡන්දෙ දෙන්නලු. ඉතින් හත් දෙයියනේ දැන් අවු 10ක් තිස්සෙ කවුද ආණ්ඩු කළේ. බුලත්කොලේනෙ. මේක ප්‍රින්ට් කරන කොට අඩුම තරමෙ ප්‍රින්ට් කරන මිනිහටවත් පෙන්නන්නෙ නැද්ද දන්නෙ නෑ මේකෙ තියන වැරැද්ද.

මෙච්චර කාලයක් බයිල ගහපු මහින්ද රාජපක්ෂ මහතාට බැරි වුණා ඔච්චර කාන්තාවන්ට අදරය කරන එතුමට බැරි වුණා ඔච්චර ළමයි වඩා ගන්න එතුමට බැරි වුණා අඩුම තරමෙ කාන්තාවන්ට ඡන්දෙ ඉල්ලන්න අවස්ථාව ලබා දෙන්න. ඒක කලෙත් අපි විතරයි. මෙවර මේ ඉන්න කාන්තාවන් සියලු දෙනාටම අවස්ථාවක් ලැබෙනව. ඔවුන්ගෙ අගය ගමට පෙන්නන්න. අපේ පාර්ලිමේන්තුවෙ අවුරුදු ගාණක් ගියා ඉන්නෙ කාන්තාවන් 12 දෙනයි. බිංදුවයි දශම පහයි. මේ පසුගිය 2011 ඉදල ඉන්න සියලුම නගරසභාවල කාන්තාවන් හිටියෙ 56යි. මෙවර මේ ක්‍රමය නිසා කාන්තාවන් 1006කට අවස්ථාව ලැබෙනව මුළු ශ්‍රී ලංකාවෙම. මේ 1006න් අඩුම තරමෙ භාගයක් හරි ඡන්දෙන් දිනල පාර්ලිමේන්තු යනව මොන පක්ෂෙන් හරි. ඒ අවස්ථාව ලබල දුන්නෙත් එජාපයයි. මේව කතා කරන්න ගිහිල්ල ගමට. මේව තමයි මිනිස්සු දැන ගන්න ඕනෑ. මමත් කාන්තාවක් නිසා මම කාන්තාවන් ගැන කතා කරනව මෙවර. කාන්තාවක් පත් වෙලා එන කොට සාමාන්‍යයෙන් හැම වෙලාවෙම හිතන්නෙ පිරිමියකුට වඩා දුෂණයෙන් වංචාවෙන් තොරයි කියල. මේ ගමේ අනන්ත මාතෘ සායන ඇති. පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන මේ හැම එකක්ම පාලනය වෙන්නෙ ඔබේ ප්‍රාදේශීය සභාවෙන් හෝ නගර සභාවෙන්. ඒකට අවශ්‍ය වෙන්නෙ අම්ම කෙනෙක් දරු දුක හඳුනන කාන්තාවක්. ඔබේ ප්‍රදේශයෙන් එජාපයෙන් එන සෑම කාන්තාවක්ම ජයග්‍රහණය කළ යුත්තේ ඒ නිසයි.

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය කාලෙ අපි දැක්ක බැඳුම්කර කතාව ගැන අපේ එජාපයට ඇගිල්ල දික් කරගෙන අගමැතිවරයාට ඇඟිල්ල දික් කරගෙන විශේෂයෙන්ම ඇමැතිවරුන්ට ඇඟිල්ල දික් කරනව. අජිත් පී පෙරේරා මහතා හරියට පාර්ලිමේන්තුවෙදිත් මේ ගැන කතා කරනව. මම මාධ්‍යවලින් අහන්න කැමතියි. දැන් අපි අවු. 02 යිනෙ. මීට කලින් අවු 10ක් තිස්සෙ පාලනය කළ ආණ්ඩුවක් තියෙනව. ඔවුන්ට චෝදනා කරනව. ඔබතුමාල අපේ දේවල් ගැන කතා කරන්න ප්‍රශ්නයක් නෑ. මහින්ද රාජපක්ෂ මහතාගෙ කාලෙ මේව කතා කළා නම් ඔවුන්ව හොයා ගන්න තැනැක්වත් නෑ. අපි සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් දීල තියෙනව. ඒකෙ ප්‍රශ්නයක් නෑ. මම අහන්නෙ මෙච්චරයි. ඔය මහින්ද රාජපක්ෂ මහතා පන්සල්වලින් එළියට එනකොට අහන්කකො තාජුඩීන්ව මතකද කියල. ප්‍රදීප් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග මහත්වරුවන්ව මතකද කියල අහන්නකො. මොකද වුණේ කියල ඇයි ඕව අහන්නෙ නැත්තෙ. ජනතාවට අපි එදා පොරොන්දුවක් දුන්නා. 2015 ජනවාරි 08 දා මිනී මරපු දූෂණය කරපු මංකොල්ල කාපු සියලුම කට්ටිය ඇතුළට යවනවයි කියල. ඇත්තටම අපි පරක්කු වැඩියි. අපි ටිකක් ඒක ගැනනම් පිටිපස්සෙන් ඉන්නෙ. මටත් ලොකු කනගාටුවක් ඒක ගැනනම් තියෙනව. මෙවර අපි ගම දිනුවට පස්සෙ පළාත් සභා මැතිවරණය සියයට සියයක් දිනා ගත්තට පස්සෙ ඔබ සියලු දෙනා බලාපොරොත්තුවෙන ඒ දුෂිතයන්ට දෙන දඬුවම් ඉහළම ලෙස ලබාදෙනව කියන එකත් කියන්න ඕනෑ.

අපේ අවාසනාවට එක්කහුවෙලා යන්න සිද්ධ වුණ නිසා අපිට දෙන්න වුණා සමහරක් ඇමැතිධුර සමහර උදවියට. පින් ඇමැති ධුර ටිකක් අරගෙන අද කයිවාරු ගහන ඔය එකෙක්වත් හිටියෙ නෑ මෛත්‍රීපාල ජනාධිපතිවරයා ජයග්‍රහණය කරන්න. ඔක්කොම හිටියෙ මහින්ද රාජපක්ෂ මහත්තයගෙ සරමෙ එල්ලිලා. එදා හිටියෙ අපි කට්ටිය විතරයි. අපි මේ කියන දේවල්වලට මෙතන ඉස්සරහ ඉන්න ජනතාවට දාඩිය දානව බයට. කොයි වෙලේ මරල දායිද කියන්න බෑ. එදා ඔය කිසි කෙනෙක් හිටියෙ නෑ. මම දැක්ක එක ඇමැති කෙනෙක් කියනව මහින්ද ගෙදර ගියා බැසිල් රට ගියා අපිට රෙද්දෙ ගියා. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂගෙ එක්ක නෙමෙයි මෛත්‍රීපාල ජනාධිපතිවරයා එක්ක එකතු වුණයි කියල. ඒ සියලුම ඇමැතිවරුන්ට ඇමැති ධුර දුන්නෙ අපිට ලැබෙන්න තිබුණ හොඳම ඇමැති ධුර. ඒ නිසා මේ සැරේ ඔය කොයි කාටත් පෙන්නන්න සියලුම ප්‍රාදේශීය සභා එජාපය සියයට සීයක් ජයග්‍රහණය කළ යුතුයි. ඒ අය කාටත් පොඩ්ඩක් දැනෙන්න ඕනෑ. ඔය හැම කොනාම ඔතන ඉන්නෙ ඒජාප පාක්ෂිකයන්ගෙ කතිරෙ නිසා කියල. කවුරුත් ඒ ගොල්ලන්ට හිටියෙ නෑ කියන එක අපි ඔප්පු කරල පෙන්වන්න ඕනෑ. ඒකට තමයි මේ සැරේ ඕගොල්ලන්ගෙ පළාත් පාලන මැතිවරණය ඉස්සරහට ඇවිල්ල තියෙන්නෙ. ප්‍රාදේශීය සභාවක් නගර සභාවක් කියන්නෙ හොරකම් කරන කොමිස් ගහන මනුස්සයට හොඳම තැනක්. මෙතෙන්ට හොරෙක් යැවුවොත් එහෙම පසුගිය අවු. 20 ඇතුළත වෙච්ච දේම තමයි මේ සැරෙත් වෙන්නෙ. ප්‍රාදේශීය සභා නගර සභා කියන්නෙ ඔබේ උපතේ සිට විපත දක්වා ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබත් සමඟ ඉන්න තැනක් අන්න ඒ නිසා ඔබ මෙතන ඉදිරියෙන් ඉන්න සුපිරිසිදු හදවත් ඇති අයව දිනවන්න ඔබේ ඡන්දය පාවිච්චි කරන්න. ඔබට කරදරයකට හදිස්සියට දුවගෙන යන්න තැනක් තියෙන්න ඕනෑ. ඔබ දුවගෙන යන්නෙ ඔබේ ගමේ අපේක්ෂකයගෙ ගෙදරට. පොහොට්ටුවෙ අපේක්ෂකයෙක් දිනුවොත් ඔබට පිහිට වෙයිද නෑ. එහෙම වුණොත් පොහොට්ටුවෙ නායකය හොයාගෙන යන්න වෙන්නෙ තංගල්ලට. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();