ශ්රී ලංකා කණ්ඩායමට 2018 වසර ආරම්භ කිරීමට සිදු වන්නේ ඉතාමත් අභියෝගාත්මක ක්‍රිකට් තරඟාවලියකිනි.සිම්බාබ්වේ සහ බංගලාදේශ කණ්ඩායම සමඟින් වන එක්දින තරඟාවලිය මෙන්ම ඉන්පසුව තිබෙන ටෙස්ට් සහ T20 තරඟාවලිය ද ඉතා තරඟකාරී වනු ඇත.මන්ද මේ අවසථාව වන විට තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් තුනම සිටින්නේ එක සමාන මට්ටමකය
කෙසේ වෙතත් 2017 වසරේ පරාජයන් වැලක් ලැබු ශ‍්‍රී ලංකා කණ්ඩායමට අලුත් බලාපොරොත්තුවක් එක්වී ඇත.ඒ නව පුහුණුකරු චන්දික හතුරුසිංහයි .
නව ක්‍රිකට් සැලැස්‌මකට අනුව ජාතික ක්‍රිකට් කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසික, කායික සහ තරග රටාව මුවහත් කිරීමේ අරමුණින් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඊයේ (28 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කළේය. ජාතික සංචිතයට නම් කරන ලද ක්‍රීඩකයන් 23 දෙනාගෙන් ආබාධයකට ලක්‌ව සිටින ඇන්ජලෝ මැතිව්ස් හැර අනෙක් සියලුම ක්‍රීඩකයන් පුහුණුවීම්වලට පැමිණ සිටි අතර ලසිත් මාලිංගද පැයක පමණක කාලයක් පුහුණුවීම්වල නිරත විය.
කෙසේ වෙතත් මේ වන විට තුන්කොන් තරගාවලිය බංගලාදේශ කණ්ඩායමේ හා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ද්වන්ද සටනක් වි හමාරය.බංගලාදේශ කණ්ඩායමේ කලක් ගැලවුම්කාරයාව සිටි චන්දික හතුරුසිංහ දැන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට පුහුණුකාරීත්වය ලබාදෙන නිසාවෙන් බංගලාදේශ කණ්ඩායම මෙම තරගාවලියේදී එහි පළිය ලබාගැනීමට සූදානමින් පසුවන බව පසුගියදා පැවැති මාධ්‍ය හමු දෙකකදීම අනාවරණ විය.
එසේ පැවැති මාධ්‍ය හමුවලදී බංගලාදේශ කණ්ඩායමේ නව ටෙස්ට් නායක ෂකීබ් කියා සිටියේ පුහුණුකරුවා පැහැර ගැනීමේ පලිය මෙම තරගාවලියේදී ගන්නා බවයි.ආරම්භක පිතිකරු සෞම්‍ය සාකර් ද ඒ සමාන අදහසක් දක්වමින් පවසා සිටියේ හතුරුසිංහ අපි ගැන දන්නවා වගේම අපිත් ඔහු ගැන දන්නා බවයි.
අනිවාර්යයෙන්ම ඔහු අපි පරදවන්න හොඳ සැලසුමක් හදයි,මොකද අපේ හැම ශක්තියක්ම එයා දන්නවා,හැබැයි සැලසුම හැදුවට එයා ඇවිත් සෙල්ලම් කරන්නේ නෑ නේ,ඒ නිසා ඒ දේවල් හරියට වෙන්නේ නෑ.අපිත් හොඳටම දන්නවා හතුරුසිංහ මොන වගේ සැලසුම්ද හදන්නේ කියල ඒ නිසා අපි ඒ දේවල් වලට මුහුණ දෙන්න වෙනම සැලැස්මක් හදනවා.”
“අපිට මොනතරම් හොඳ ගුරුවරු හිටයත් වැඩක් නෑ අපි ,ඉගනගන්න දේ හරියට විභාගයට ලියන්නේ නැත්තම්,ඒ වගේම තමයි හැම ගුරුවරයාම කැමති හොඳට වැඩ පෙන්වන ළමයින්ට උගන්වන්න.මෙතැනදී අපිට බලාගන්න පුළුවන් කවුද හරියට ඉගනගෙන තියෙන්නේ කියල.”
කෙසේ වෙතත් ඊයේ පුහුණුවීම් අවසන් කල අවස්ථාවේදී මාධ්‍යවේදීන් සකාර් කළ ප‍්‍රකාශය පිළිබදව හතුරුසිංහගෙන් විමසා සිටි අතර එහිදී ඔහු පවසා සිටියේ අනෙක් අයගේ අදහස් පිළිබදව තමන් කතා කිරීමට නොයන බවත් බංගලාදේශයේ ගැන දන්නා සියලු දේවල් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන බවයි.
මම අනිත් අයගේ අදහස් ගැන කථා කරන්නේ නෑ .මොකද ඔහුගේ අදහස ඒක.මගේ කාර්ය තමයි මට කරන්න පුලුවන් දේ මේ කණ්ඩායම දීමයි.බංගලාදේශය ගැන දන්න දේවල් මම මේ කණ්ඩායමට දෙනවා..ඒ වගේම බංගලාදේශයත් මම ගැන හොදට දන්නවා.මොකද අවුරුදු තුනහමාරක් මම ඒගොල්ලත් එක්ක හිටියා.මම හිතනවා කණ්ඩායම් දෙකටම මෙහි වාසියක් තියනවා කියලා.මම කරන දේවල් ඒගොල්ලෝ දන්නවා.ඒ වගේම මම ඒගොල්ලෝ ගැන හොදට දන්නවා..
ටෙස්ට් තරගවල අවධානය බංගාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලිය.එහි තත්ත්වයට අනුව කණ්ඩායමේ තේරීම් කරනවා.ඒ වගේම පුහුණුවීම් කරනවා.”
මේ ආකාරයෙන් තරගාවලියට පෙරම උණුසුම් වන කරුණු සමග ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට අතිරේක සුදානමක් සමග සහභාගී වීම අනිවාර්්‍ය කරුණක් වී ඇත
ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරඟ සංචාරයේ තරඟ පෙළ ගැස්ම
තුන්කොන් එක්දින තරගාවලියේ කාල සටහන
ජනාවාරි 15 – සිම්බාබ්වේ – බංග්ලාදේශය
ජනවාරි 17 – සිම්බාබ්වේ – ශ්‍රී ලංකාව
ජනවාරි 19 – බංග්ලාදේශය – ශ්‍රී ලංකාව
ජනවාරි 21 – ශ්‍රී ලංකාව – සිම්බාබ්වේ
ජනවාරි 23 – බංග්ලාදේශය- සිම්බාබ්වේ
ජනවාරි 25 – බංග්ලාදේශය – ශ්‍රී ලංකාව
ජනවාරි 27 – අවසන් මහ තරගය
ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය
ජනවාරි 31 – පෙබරවාරි 4 – පළමු ටෙස්ට් තරගය
පෙබරවාරි 8 – පෙබරවාරි 12 – දෙවැනි ටෙස්ට් තරගය
ශ්‍රී ලංකා බංග්ලාදේශ විස්සයි20 තරගාවලිය
පෙබරවාරි 15 – පළමු විස්සයි20 තරගය
පෙබරවාරි 18 – දෙවැනි විස්සයි20 තරගය
from Gossip Lanka News & Video http://ift.tt/2BTkWRd
via internet
0 Comments