කරදරයකදි අහක බලන, අනිත් කෙනාගේ දුකක් කරදරයක් නොතේරෙන මිනිස්සු අතරේ මනුස්සකම පිරුණු උතුම් හදවත් තියෙන මිනිස්සුත් මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා.
ඒ විදිහේ කෙනෙකු ගැන කතාවක් අපිට වාර්තා වුණා.
ඒ කටුබැද්ද පැත්තෙන්.
කැම්පස් එකක වැඩ කරන කෙනෙක් එළියට විසිකරපු බලු පැටියෙක්ම තමන්ගේ බෑග් එකේ දාගෙන අරගෙන ගිය මේ පුද්ගලයා ගැන මෙන්න මේ විදිහේ සටහනක් තබා තිබුණා.
සොඳුරු හඳවතක්…
(ගෙදර යන ගමන් කටුබැද්දෙ bus holt එකේදි අපූර්ව පුද්ගලයෙක් හමුවුණා)
“ලස්සන බලු පැටියෙක්,කොහෙන්ද මෙයා?
“කැම්පස් එකේ වැඩ කරන ගැනු කෙනෙක් මෙයාව එලියට විසි කරා මල්ලි, පව් අහිංසක සත්තු…
ඊටමත් මෙයා කොල්ලෙක්, කොල්ලෙක්ව එලියට විසි කරන්න දෙන්න බෑනෙ මල්ලි,මං අරන් ආවා.කතා කරල දුක කියන්න මෙයාලට තේරෙන්නෙ නෑනේ මල්ලි, මං යනවා….”
බෑග් එකේ සිටි බලු පැටියාගේ ඔලුව අතගාමින් සිටි ඔහු සුළු මොහොතකින්
මොරටුව-පිටකොටුව බසයක නැගි යන්න ගියේය…
– සුබ ගමන්…
from Gossip Lanka News & Video http://ift.tt/2DvLEzC
via internet
0 Comments