Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ඉදිරි සැලසුම් හෙළි කරයි

Author(s): 
ෆවුස් මොහොමඩ්

* ගුරුසිංහගේ භූමිකාව
* හතුරුසිංහගේ පැමිණීම
* තිසරගේ නායකත්වය
* 2019 ලෝක කුසලාන ඉලක්කය

තව අවුරුදු දහයකට ක්‍රිකට් පාලක මණ්ඩලය මූල්‍යමය වශයෙන් කිසිම අර්බුදයකට යන්නෙ නැතිවෙන්න හදලා තියෙනවා. ආයතනයක ප්‍රධානම දේ තමයි මූල්‍යමය වශයෙන් ශක්තිමත්වීම. ණය නැතුව යන එක.

ක්‍රිකට් ආයතනය බාරගැනීම

මම අවුරුදු 11කට පස්සේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ආවේ. එනකොට බිලියන හතරහමාරක් අපිට ණය තිබුණා. ස්ථීර පුහුණුකරුවෙක් හිටියේ නෑ. හිටියේ ජෙරොම් ජයරත්න මහත්මයා. ඔෆීස් එකේ වැඩකරන මනුස්සයෙක් තමයි අපේ ඉස්සර ජාතික කණ්ඩායමේ පුහුණුකරු. කිසිම අංශයක් තිබුණේ නෑ හරියි කියන්න. ඒකට සමගාමීව සියලුම අංශ හදන්න සිද්ධවුණා. කෝටි ගණන් ණය අරගෙන සූරියවැව ක්‍රීඩාංගණය හදන්න තමයි සල්ලි වැය කළේ. ඒත් බිලියන ගණන් ණයයි.

පුහුණු කඳවුරු කියලා දෙයක් නෑ. විනිශ්චයකරුවන්ගේ සම්මේලනය කියලා එකක් නෑ ඉන්න තැනකුත් නෑ. යටිතල පහසුකම් කියලා එකක් සංවිධානාත්මක නෑ. පාසල් ක්‍රිකට් ගැන කතා කරන්න බැරි තත්ත්වයක් තිබුණේ. එතකොට කිසිම කෙනෙකුට අත උස්සලා කියන්න පුළුවන් කමක් තිබුණේ නෑ පාලක මණ්ඩලය මම බාරගන්න කොට මේ අංශය හොඳයි කියලා කියන්න පුළුවන්කමක් තිබුණේ නෑ. එෆ්.සී.අයි.ඩී.එකේ නඩු. ක්‍රීඩකයන්ටත් ප්‍රශ්න. මැච් ෆික්සින් ප්‍රශ්න. ප්‍රශ්න පත්තරයක් එක්ක තමයි අපි වැඩ බාරගත්තේ.

අද තත්ත්වය

අපි අද කියන්න සංතෝසයි අපි කිසි කෙනෙකුට ණය නෑ. ණය සියල්ල පියවලා ඉවරයි. මූල්‍යමය වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉතිහාසයේ ශක්තිමත්ම තැනට මම අද ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙනල්ලා තියෙනවා. ඉතුරු අවුරුදු පහේ කාටවත් ණය නැතුව, කිසි කෙනෙකුට අතපාන්නේ නැතුව, සත පහක් ණය නැතුව යන්න මුදල් ශක්තිමත් කරලා තියෙනවා. තව අවුරුදු දහයකට ක්‍රිකට් පාලක මණ්ඩලය මූල්‍යමය වශයෙන් කිසිම අර්බුදයකට යන්නෙ නැතිවෙන්න හදලා තියෙනවා. ආයතනයක ප්‍රධානම දේ තමයි මූල්‍යමය වශයෙන් ශක්තිමත්වීම. ණය නැතුව යන එක. දෙවනුව අපි පුහුණුකරුවෙක් තෝරන කොට නූතන කාලයට ගැලපෙන කෙනෙක් සොයා ගන්න ඕනා. ලෝකයේ හැම රටක් එක්ක බැලුවම අපේ රටේ ක්‍රීඩකයන්ගේ ප්‍රශ්නයක් නෑ. ටැලන්ට් එක බැලුවොත්, සහජ හැකියාව බැලුවොත් අපි හොඳ කණ්ඩායමක් සිටින රටක්.

සභාපතිධුරයේ වගකීම

මම අවුරුදු විසිගාණක් මේ පාලක මණ්ඩලය ගැන අවබෝධයක් ඇතිව වැඩ කරන කෙනෙක්. ඒ නිසා මං දන්නවා කොහෙන්ද මේ පිපිරීම හදන්නෙ කියලා. ඒ නිසා අපි ඔක්කොම සාකච්ඡා කරලා ඒක දැන් හදාගෙන යනවා. ක්‍රිකට් කියන්නේ මේ රටේ මිලියන 21කටම අයිති දෙයක්. පොඩි පොඩි කණ්ඩායම්වලට අයිති දෙයක් නෙවෙයි. ඒකේ වගකීම මට තියෙනවා මං මේකේ සභාපති. මං වගකීම අරන් තියෙනවා මේ ක්‍රීඩාව ජයමාවතට ගේන්න. ඒක මං සම්පූර්ණයෙන් කැපවීමෙන් කරනවා.

මම තමයි ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අත්දැකීම් වැඩිම කෙනා. ලෝක ක්‍රිකට් පරිපාලනයේ අත්දැකීම් වැඩිම කෙනා. ඉතින් ඒ නිසා මට වගකීමක් තියෙනවා මං වැඩ කරන්නෙ අත්දැකීම්වල පළපුරුද්දත් එක්ක. ඒ නිසා මං දන්නවා මං කළයුතු දේ මොකක්ද නොකළ යුතු දේ මොකක්ද කියලා. මගේ පාලක මණ්ඩලයේ කමිටුව මාව ගයිඩ් කරනවා. ඒ අය මට අවශ්‍ය මාර්ගයට යන්න සහය දෙනවා.

 ජාතික කණ්ඩායමක් ගොඩනගනවා කියන්නේ ලෙහෙසි පහසු කාරණයක් නෙවෙයි. මුදල් තිබ්බට ක්‍රීඩාවක කණ්ඩායමක් හදන්න පුළුවන් නම් ජපානය, චීනය, අමෙරිකාව මේ වගේ ක්‍රිකට් ගහන කණ්ඩායමක් අවුරුදු තුනක් හතරක් ඇතුළත හදයි. එහෙම සල්ලි දාලා හදන්න පුළුවන් දෙයක් නෙවෙයි ක්‍රිකට් ක්‍රීඩාව. ඒ වගේම අවුරුදු 3ක්, 4ක් ඇතුළත හදන්න පුළුවන් දෙයකුත් නෙවෙයි.

ජාතික කණ්ඩායමක් ගොඩනැගීම

ජාතික කණ්ඩායමක් ගොඩනගනවා කියන්නේ ලෙහෙසි පහසු කාරණයක් නෙවෙයි. අපි බැලුවා කොහේද අපේ අඩුපාඩුකම් තියෙන්නේ කියලා. ඒවා අපි හදාගෙන යන ගමනක්. මුදල් තිබ්බට ක්‍රීඩාවක කණ්ඩායමක් හදන්න පුළුවන් නම් ජපානය, චීනය, අමෙරිකාව මේ වගේ ක්‍රිකට් ගහන කණ්ඩායමක් අවුරුදු තුනක් හතරක් ඇතුළත හදයි. එහෙම සල්ලි දාලා හදන්න පුළුවන් දෙයක් නෙවෙයි ක්‍රිකට් ක්‍රීඩාව. ඒ වගේම අවුරුදු 3ක්, 4ක් ඇතුළත හදන්න පුළුවන් දෙයකුත් නෙවෙයි.

 අපිට ඕන කරන්නේ උපක්‍රමශීලි, කණ්ඩායම එකතු කරන්න පුළුවන් කවුද එයා තමයි නායකයා. දැන් කණ්ඩායම ගත්තම තිසර පෙරේරා හරියටම කරගෙන යනවා. තිසර කොන්ද පණ ඇතිව, බය නැතුව, නිර්භීතව නායකත්වයක් දුන්නා පාකිස්තානයට යන්න. අපි නිර්භිත ජාතියක්. නිර්භීත නැති නායකයා නායකයෙක් නෙවෙයිනේ. නිර්භිත බව නායකයකුට අත්‍යවශ්‍යයි. ඒක තිසරගේ තියෙනවා.

හතුරුසිංහගේ පැමිණීම

මං විශ්වාස කරනවා හතුරුසිංහ තමයි මේ වෙලාවේ සුදුසුම කෙනා කියලා. ඒ නිසා අපි ඔහුව අවුරුදු 2ක කොන්ත්‍රාත්තුවක් තියෙද්දි ඒක ඉවත් කරලා ගන්නේ. එහෙම කරන එක ලෙහෙසි නෑ. අපේ සහෝදර රටත් එක්ක තරහ නොවී, එයාලත් එක්ක සාකච්ඡා කරමින්, එකඟතාවයක් ඇතිව හතුරුසිංහ එහෙන් නිදහස් කරගෙන මෙහෙටත් බඳවාගෙන එතෙන්ට යොමු කරන්න. මම ගිය පාර ග්‍රෙහැම් ෆෝර්ඩ්ව ගන්න කොට ඔහුටත් අවුරුදු 3ක ගිවිසුමක් තිබුණා සරේ කණ්ඩායම සමග. එයාලා එක්ක කතා කරලා ඔහුව නිදහස් කරගෙන තමයි සම්බන්ධ කරගත්තේ. ඒ නිසා ජාත්‍යන්තර සම්බන්ධතා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒක ආවට ගියාට කරන්නත් බෑ. ඒ ගැන අත්දැකිම් තියෙන අයත් ගොඩාක් ලංකාවේ නෑ. අපිත් එක්ක සමගාමීව එහෙම අත්දැකීම් තියෙන අය නෑ.

කණ්ඩායමේ පසුබැසීම

කණ්ඩායමේ පසුබෑමක් තිබ්බා. ඒ පසුබෑමට හේතුව නායකත්වය දරපු ඇන්ජෙලෝ මැතිව්ස් ඉලක්ක කරගෙන මහා අසාධාරණ විදිහට ඔහුව මානසිකව වැට්ටුවා. ඔහු තරග පාවාදෙන්නෙක් හැටියට සමාජ ගත කරන්න උත්සාහ ගත්තා. හිටපු ක්‍රීඩකයන් විවේචනය කළා ඉදිරියට ඇවිල්ලා මහා අසාධාරණ විදිහට. කණ්ඩායමේ නායකයාට ගැහුවම ඒ කණ්ඩායම වැටෙනවා. මගේ ජීවිත කාලයට මේ රටේ තව ලෝක කුසලානයක් ගන්න එපා කියන චේතනාවෙන් මම ඉන්නවා නම් මම දන්නවා කාටද ගහන්න ඕනෙ කියලා. ඒ නිසා ඇන්ජෙලෝ කඩාගෙන වැට්ටුවා. කණ්ඩායමේ මධ්‍යස්ථභාවය කඩාගෙන වැට්ටුවා. ඔහු හොරා කිව්වම, ඔහු තරග පාවා දෙනවා කිව්වම ඔහුට නිදහසේ සෙල්ලම් කරන්න බෑ.

ඔහු පහරකට ගියාම ඕනකමින් අවුට් වුණා කියනවා. ඔහු වන් ඩවුන් ගියාම කියනවා මැච් එක පාවාදෙන්න එහෙම කළා කියලා. ක්‍රීඩකයෙක් කාසියේ වාසිය වරද්දාගත්තම කියනවා මැච් එක වික්කා කියලා. සියලුදෙනාව භේද කළා. වැට්ටුවා. සැකය ඇති කළා. ඒ නිසා ක්‍රීඩකයන් සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා.

ඒ නිසා මට මැදිහත් වෙන්න සිද්ධ වුණා. ක්‍රීඩකයන් එක්ක සාකච්ඡා කළා. අයි.සී.සී.යත් එක්ක කතා කරලා අපි පරීක්ෂණයක් පවත්වන්නම් කිව්වා. එහෙම කරලා ක්‍රීඩකයන් නිදහස් කරලා එයාලට මේවලින් ගැලවෙන්න කියලා මං බලාගන්නම් ඒ ටික කියලා අපි දැන් එයාලට මානසික තත්ත්වය හදාගෙන අලුත් ගමනක් යන්න. ඒක හරි අමාරු දෙයක්.

2019 ලෝක කුසලාන ඉලක්කය

එහෙම ඉලක්ක තියෙන්න ඕනා. රටක්, ජාතියක් වුණත් අපේ සංවර්ධන ඉලක්කයක් තියෙන්න ඕනා. 2019 ලෝක කුසලානය දිනන්න තමයි පළවෙනියට අපි ඉලක්ක කරගන්නේ. ඒකට සමගාමීව අපි ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන හොඳම කණ්ඩායම බවට පත්කිරීම. ලෝකයේ අංක එකේ ශ්‍රෙණිගත එක්දින කණ්ඩායම. ලෝකයේ අංක එකේ විස්සයි20 කණ්ඩායම හදන්න ඕනේ. ඊළඟට අවුරුදු 19න් පහළ ලෝක කුසලානය ජයගැනීම අපේ බලාපොරොත්තුවක්. අපිට ඒ වගේ ප්‍රධාන ඉලක්ක වගේම අනිත් අංශවලටත් ඉලක්ක සහගත ගමන් මාර්ගයක් හදලා තියෙනවා.

මා සමග මගේ කණ්ඩායම ගැනත්, ක්‍රීඩකයන් ගැනත් විශ්වාසය තියන්න ඕනා. අපිට තව අඩුපාඩුකම් රාශියක් තියෙනවා. ඒක හදාගන්න අපිට තව මාස 6-8ක් විතර යනවා. ඒක කාලෙත් එක්ක යන වැඩක්. 2019 ලෝක කුසලානයට යන්න සුදුසුයි කියන ක්‍රීඩකයන් 20 අපි තෝරගන්න ඕනා. අපිට තව එක්දින තරග 45ක් තමයි තියෙන්නේ ලෝක කුසලානයට ඉස්සෙල්ලා. ඒ 45න් අඩුම ගානේ මැච් 30ක් ගහන්න ඕනේ මේ තෝරගන්න 20 දෙනා. මැච් 30කවත් අත්දැකීම් නැති කෙනෙක් අන්තිම 15ට මට ගේන්න බෑනේ. ඒ වගේ වැඩ රාශියක් තියෙනවා කරන්න.

හිටපු ක්‍රීඩකයන්ගේ දායකත්වය

ලෝකයේ හිටපු ක්‍රීඩකයන් වැඩිපුරම වැඩ කරන ආයතනය තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය. අපේ තරම් හිටපු ක්‍රීඩකයන් වැඩ කරන ක්‍රිකට් පාලක මණ්ඩලයක් ලෝකයේ කිසිම තැනක නෑ. ඒ වගේ විශාල කණ්ඩායමක් පාලක මණ්ඩලයේ දැන් වැඩ කරනවා. මේ ලෝකයේ වැඩිම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෝ වැඩ කරන ආයතනය ලංකාව. අපේ ඉන්නවා ලංකාව නියෝජනය කරපු ක්‍රීඩකයෝ. ප්‍රධාන විධායක, අසංක ගුරුසිංහ, හතුරුසිංහ ඇවිත් ඉන්නවා. එයාත් ලංකාවට සෙල්ලම් කළා. තිලාන් සමරවීර, රුමේෂ් රත්නායක ඒ සංචිතයේ ඉන්න අය. පල්ලෙහා අය ගත්තම සෑහෙන්න ඉන්නවා ශ්‍රී ලංකාව නියෝජනය කළ අය.

කණ්ඩායමේ පසුබෑමක් තිබ්බා. ඒ පසුබෑමට හේතුව නායකත්වය දරපු ඇන්ජෙලෝ මැතිව්ස් ඉලක්ක කරගෙන මහා අසාධාරණ විදිහට ඔහුව මානසිකව වැට්ටීම. ඔහු තරග පාවාදෙන්නෙක් හැටියට සමාජ ගත කරන්න උත්සාහ ගත්තා. කණ්ඩායමේ නායකයාට ගැහුවම ඒ කණ්ඩායම වැටෙනවා. ඔහු හොරා කිව්වම, ඔහු තරග පාවා දෙනවා කිව්වම ඔහුට නිදහසේ සෙල්ලම් කරන්න බෑ. ඔහු පහරකට ගියාම ඕනකමින් අවුට් වුණා කියනවා. ඔහු වන් ඩවුන් ගියාම කියනවා මැච් එක පාවාදෙන්න එහෙම කළා කියලා. ක්‍රීඩකයෙක් කාසියේ වාසිය වරද්දාගත්තම කියනවා මැච් එක වික්කා කියලා.

කණ්ඩායමේ ෆිට්නස්

අපිට පැහැදිලි වැඩ පිළිවෙළක් තිබුණේ නෑ. ක්‍රීඩා ඇමැතිතුමා තමයි ඒකට මැදිහත් වෙලා දැඩි ස්ථාවරයකට ගියේ. ඒක හොඳයි. ඉස්සර යෝ යෝ ටෙස්ට් එක තිබුණේ 22, 20 වගේ දැන් 17ට අඩු කරගෙන ඇවිල්ලා තියෙනවා ෆිට්නස් ලෙවල් එක. සමස්තයක් වශයෙන් ගත්තම අපේ අය ෆිට්නස්වලට පුරුදුවෙලා තිබුණේ නෑ. විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කාලයක් යනකොට මහත්වෙනවා බර වැඩිවෙනවා. එතකොට එයාලට ව්‍යායාම කටයුතුවල නිරතවීම අමාරුවෙනවා. එතකොට ෆිට්නස් බහිනවා. ඒ තත්ත්වය හරියනවා ෆිට්නස් ලෙවල් එක සාමාන්‍ය තත්ත්වයක තියා ගත්තොත්. තරුණ ක්‍රීඩකයන්ට පුළුවන් ඒ තත්ත්වය තියාගෙන ඉන්න. අපි ෆිට්නස් මිනුම් දණ්ඩ හෙමින් හෙමින් ඉහළ තත්ත්වයකට ගෙනල්ලා තියෙනවා.

අපි තීරණයක් අරගෙන තියෙනවා ෆිට්නස් ලෙවල් එක නැති කෙනෙක්ව තෝරන්නේ නැති වෙන්න සැප්තැම්බර් මාසේ 1 ඉඳලා. ක්‍රීඩා ඇමැතිතුමා එවලා තියෙන චක්‍ර ලේඛනවලට අනුව ජනවාරි මාස 1 ඉඳලා ෆිට්නස් ලෙවල් එක පවත්වන දවස් අපි කියනවා. පෙබරවාරි 1, අප්‍රේල් 1, ජූනි 1 හරි ඒ වගේ. ඒක සමත්වෙච්ච නැති අය තේරීම් කමිටුව විසින් තීන්දු කිරීම වළක්වනවා.

කොච්චර හොඳම දේශීය තරගවලදී දස්කම් දැක්වුවත් ෆිට්නස් ලෙවල් එක නැතිනම් නීත්‍යානුකූලව සංචිතයට එක්වෙන්න අපි අවස්ථාවක් දෙන්නෙ නෑ. ඒක හැම ක්‍රීඩාවටම එකයි. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපේ ක්‍රීඩකයන්ගේ ජවය ටිකක් වැඩිවෙලා තියෙනවා දැන්. ෆිල්ඩින් දියුණු කරගන්න ලේසියි එතකොට. මේක ‘ඒ‘ටීම් එකටත් මේක අනිවාර්ය කරන්න ඕනෙ.

ඒ ටීම් එකේ අයගේ ෆිට්නස් මදි නැෂනල් ටීම් එකට වඩා. ඒ ටීම් එකට ගේන්න ඕනෙ යෝ යෝ ටෙස්ට් එක 16කට විතර. නැෂනල් ටීම් එකට 17 නම්. සමහර වෙලාවට නැෂනල් ටීම් එකේ යෝ යෝ ටෙස්ට් එක 17 නම් ඒ ටීම් එකේ අයගේ 21 විතර වෙනවා. මේක ලොකු අර්බුදයක් නේ. ලංකාවට ගහන්න බලාගෙන ඉන්න අයගේ ෆිට්නස් තියෙන්න එපෑය නැෂනල් ටීම් එකේ අයට වඩා.

ගුරුසිංහගේ භූමිකාව

ඉතිං මේවා හදන්න ගියාම හරි අමාරුයි. හදන්න ගියාම පුහුණුකරුට වැරැදි කියනවා. දැන් ගුරුසිංහව එලවන්නම හැදුවනේ ඔක්කෝමලා. ගුරුසිංහව මං ගෙනාවේ මේකේ විනය හදන්න. අපේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන නියෝජිතයා තමයි අපේ කළමනාකරු. ඔහු ෆිට්නස් හදන්න ඕනෙ. ඔහු විනය හදන්න ඕනෙ.එක එක බීමත්ව එන අය. එළිවෙනකල් නිදිමරන අයත් එක්ක ක්‍රිකට් ගහන්න බෑ. ඒ නිසා විනය හදන්න ඕනා. ෆිට්නස් හදන්න ඕනා. වෙලාවට වාර්තා කරන්න ඕනා. එතකොට විනය හදන්න ගෙනාපු ගුරුසිංහව එලවලා දාන්න සම්පූර්ණයෙන්ම සැලසුම් කරලා කට්ටිය ක්‍රියාත්මක වුණානේ. ඒත් අපි ඒක කළා.

හැබැයි ඊට පස්සේ මොකක්ද ගුරා ගෙනාපු දවසේ ඉඳලා මැච් පරදිනවා කියලා ඊළඟට මට බනින්න පටන් ගත්තා. ටික කාලයක් ඉතිං මැච් පරදිනවා තමයි. පරදින්න බයේ දිනන කණ්ඩායමක් හදන්න බෑ. අපි තාවකාලිකව දිනන එක නවත්තලා ශක්තිමත්ව දීර්ඝකාලීනව දිනන ගමන හදන්නනේ මේ යන්නේ. ඒක හදන්න තමයි ඉතිං මං බැලුවේ කළමනාකාරිත්වයට විනය හදන්න හොඳ කෙනෙක් ගේන්න.

ගුරුසිංහ කියන්නේ පොඩි පහේ මිනිහෙක්ද.. ලෙවල් 3 පුහුණු පාඨමාලාව කරපු. ඔස්ට්‍රේලියාවේ අවුරුදු 20ක් කළමනාකාරිත්වය කරපු දක්ෂ කෙනෙක්. අනික ශ්‍රී ලාංකිකයෙක්. වර්ල්ඩ් කප් දිනපු කොල්ලෙක්. ඊළඟට අපි අලුත් තාක්ෂණය පාවිච්චි කරන්න කිව්වම ඒකට සම්බන්ධ වෙන්න අකමැති අය සංවිධානාත්මක විරුද්ධ වුණා.

ක්‍රීඩාවේ අනාගතය

මගේ වගකීම තියෙන්නේ හරි දේ කරන්න. ඒවාට සංවිධානාත්මක විවේචන එන්න පුළුවන්. ඒකට බයවුණා නම් මගේ ප්‍රධානම ඉලක්කය කණ්ඩායම ජයග්‍රහණ මාවතට ගේන්න බැරිවෙනවා. මෙච්චර අත්දැකීම් තියෙන මටත් බැරිවුණොත් මේ එන පීඩනයට මම දමලා ගහලා ගියොත් ඒක මම රටට කරන ලොකු අසාධාරණයක් වෙනවා. ඒ නිසා මං හිතුවා නෑ මං නිහඩව මගේ කාර්ත්‍යවය කරගෙන යනවා කියලා. පහුගිය මාස කිහිපය අපි හැමෝටම අසීරු වුණා.

ඒත් හැමෝම මා කෙරෙහි විශ්වාසය තිබ්බා. මොකද මේ හැමෝම දන්නවා මගේ අත්දැකීම් එක්ක මට වඩා හොඳ දක්ෂ අත්දැකීම් තියෙන කෙනෙක් මෙතැනට ගේන්න නෑ. ඊට වඩා හොඳයි මට සහයෝගය දීලා මං හරහා මේක හදාගන්න එක. කියලා.

මොකද ක්‍රිකට් ක්ෂේත්‍රය තුල ඉන්න අය දන්නවා මම දමලා ගහලා ගියොත් මෙතැන වෙන හානිය. ඒ නිසා හැමෝම ඇවිල්ලා මාව ශක්තිමත් කළා. දිරිගැන්වුවා. ඉතිං මං කොහොමත් 2019 ලෝක කුසලානය කරා කණ්ඩායම ගෙනියනවාම තමයි. එතෙන්ටම මම යනවා.

 2019 ලෝක කුසලානය දිනන්න තමයි පළවෙනියට අපි ඉලක්ක කරගන්නේ. ඒකට සමගාමීව අපි ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන හොඳම කණ්ඩායම, ලෝකයේ අංක එකේ ශ්‍රෙණිගත එක්දින, විස්සයි20 කණ්ඩායම හදන්න ඕනේ. ඊළඟට අවුරුදු 19න් පහළ ලෝක කුසලානය ජයගැනීම අපේ බලාපොරොත්තුවක්.

තිසර පෙරේරාගේ නායකත්වය

අපිට ඕන කරන්නේ උපක්‍රමශීලි, කණ්ඩායම එකතු කරන්න පුළුවන් කවුද එයා තමයි නායකයා. දැන් කණ්ඩායම ගත්තම තිසර පෙරේරා හරියටම කරගෙන යනවා. තිසර කොන්ද පණ ඇතිව, බය නැතුව, නිර්භීතව නායකත්වයක් දුන්නා පාකිස්තානයට යන්න. අපි නිර්භිත ජාතියක්. නිර්භීත නැති නායකයා නායකයෙක් නෙවෙයිනේ. නිර්භිත බව නායකයකුට අත්‍යවශ්‍යයි.

ඒක තිසරගේ තියෙනවා. මේ ටෙස්ට් සංචිතයක් නෙවෙයි එක්දින.මටනම් තිසරගෙන් ඒ නිර්භිත කම පේනවා. එයාගේ තව අඩුපාඩුකම් තියෙනවා. ඒකට තමයි පුහුණුකරුවන් ඉන්නේ. අපි දක්ෂ පුහුණුකරුවන් ගෙනල්ලා තියෙන්නේ. මෙයා තමයි නායකයා මෙයා එක්ක යන්න කියලා. අපි තිසරව විශ්වාස කරමු. ඇන්ජෙලෝත් ඇතුලේ ඉන්නවා.

උපුලුත් කැප්ටන් කරලා තියෙනවා.ලක්මාල් ගත්තම අපිට ලොකුම සම්පතක්. ඉතාම පරිණත වේගපන්දු යවන්නෙක්.කණ්ඩායම් හැඟීමෙන් ඉන්නේ. විනය කඩන්න දෙන්නෙ නෑ. මම හරි ආදරෙයි ලක්මාල්ට.ඒ වගේ අය මේකේ ඉන්නවා කියන්නේ ආයේ හිතන්න දෙයක් නැ. අපේ සැලසුම් හරියට යනවා. ලබන අවුරුද්දේ නිදහස් කුසලානෙන් පස්සේ 90%ක් විතර අපිට හරියට කණ්ඩායම පෙළ ගස්ස ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.

ගුරුසිංහව එලවන්නම හැදුවනේ ඔක්කෝමලා. ගුරුසිංහව මං ගෙනාවේ මේකේ විනය හදන්න. අපේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන නියෝජිතයා තමයි අපේ කළමනාකරු. ඔහු ෆිට්නස් හදන්න ඕනෙ. ඔහු විනය හදන්න ඕනෙ. එක එක බීමත්ව එන අය. එළිවෙනකල් නිදිමරන අයත් එක්ක ක්‍රිකට් ගහන්න බෑ. ඒ නිසා විනය හදන්න ඕනා. ෆිට්නස් හදන්න ඕනා. වෙලාවට වාර්තා කරන්න ඕනා. එතකොට විනය හදන්න ගෙනාපු ගුරුසිංහව එලවලා දාන්න සම්පූර්ණයෙන්ම සැලසුම් කරලා කට්ටිය ක්‍රියාත්මක වුණානේ. ඒත් අපි ඒක කළා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();