සාමාන්‍ය පෙළ විභාගය සඳහා අන් අයෙකු ලෙස පෙනී සිටි පුද්ගලික අපේක්ෂයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලුණුගම මහා විද්‍යායේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පුද්ගලික අපේක්ෂයින් දෙනෙකු ලෙස පෙනී සිටි සිසුන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
අදාළ විභාග ශාලාවේ ශාලාධිපතිවරයා විසින් විභාගයට පෙනී සිටින සිසුන් දෙදෙනෙකු විභාග අංක මාරුකර අන් අයෙකු ලෙස විභාගයට පෙනී සිටින බවට ලුණුගම පොලිසියට දැනුම්දී තිබුණී.
ඒ අනුව සැකකාර 17 හැවිරිදි සහ 18 හැවිරිදි සිසුන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් දෙදෙනා අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
0 Comments