Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උත්සව සමයට අත්‍යවශ්‍ය ආහාර සහන මල්ලක්

එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් ජීවන වියදම පාලනය කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් 'සහන මිල වෙළඳසල්' (Fair Price Shops) ඇති කිරීමටත්, එමගින් සහල්, පරිප්පු, සීනි, හාල්මැස්සන්, ලූනු, අර්තාපල් හා ටින් මාළු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 8ක් ඇතුළත් සහන මල්ලක් (Budget Pack) වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී තීරණය විය.

මේ වන විට වෙළෙඳපොලෙහි මිල ඉහළ ගොස් ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක්, සාමාන්‍ය වෙළෙඳපොළ මිල යාන්ත්‍රණයෙන් පරිබාහිරව, එහි පිරිවැයට අනුව සහන මිලක් යටතේ සාමාන්‍ය ජනතාවට ලබා දීමේ ක්‍රමවේදයක් වශයෙන් රජය මෙම පියවර ගෙන ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ගේ සහ අදාළ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගේ ද සහභාගීත්වය ඇතිව පසුගිය 12වැනි දින අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී එම තීරණවලට එළැඹිණි. පෞද්ගලික සුපිරි වෙළෙදසල් ජාලය හා ලංකා සතොස අලෙවිසල් මගින් එම සහන මල්ල පාරිභෝගිකයන්ට ලබා ගැනීමට හැකි වන පරිදි බෙදා හැරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට ද අපේක්ෂිිතය. මෙම යාන්ත්‍රණය ඔස්සේ භාණ්ඩ සැපයීම, භාණ්ඩ ප්‍රවාහනය හා අලෙවිය සඳහා සම්බන්ධ වන සියලූම පෞද්ගලික හා රාජ්‍ය වෙළෙඳ ආයතන සඳහා සහනදායි විදුලි ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට හා විශේෂ ආදායම් බදු සහන ලබාදීමටත් රජය තීරණය කළේය. ලංකා සතොස, කාගීල්ස් ෆුඩ් සිටි ආයතනය, ලාෆ්ස් සමාගම, රිචඩ් පීරිස් සමාගම, ජෝන් කීල්ස් සමාගම හා වික්‍රමරත්න පෞද්ගලික සමාගම වැනි ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසල් හා ආයතන මෙම වැඩසටහන සඳහා සම්බන්ධවීමට මේ වන විටත් එකඟතාව පළ කර ඇත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();