Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තරග පාවාදීමේ චෝදනාවක්

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර ඊයේ ආරම්භ වූ ඔස්ට්‍රේලියා - එංගලන්ත අළුබඳුන කුසලාන තුන්වැනි ටෙස්ට් තරගය අතරතුරදී තරග පාවාදීමේ කුමන්ත්‍රණයක් සිදු කිරීමේ සැලසුමක් ඇතැයි බ්‍රිතාන්‍ය පුවත්පතක් වන ‘ද සන්’ පුවත්පත පළ කර ඇති පුවත පදනම් විරහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරයි.

එම තරගය ආරම්භ කිරිමට පැයකට පෙර පැතිරී ගිය මේ පුවත හේතුවෙන් ටෙස්ට් තරගය කෙරෙහි වැඩි අවධානයක් යොමුවී තිබිණි. ඉන්දියාවේ හිටපු ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩකයකු සහ බුකී කරුවකු විසින් හෙළි කරනු ලැබූ බව කියන මේ පුවතට අනුව එම තරග පාවාදීමේ සැලසුමට එංගලන්ත පිලේ ක්‍රීඩකයන් කිසිවකු සම්බන්ධවී නොමැත.

එම පුවත පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් සන් පුවත්පතෙන් ඒ පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමෙන් පසුව කරනු ලැබූ විශ්ලේෂණයකට අනුව එය පදනම් විරහිත පුවතක් බව තහවුරු කර තිබිණි.

තරගයේ පළමු දිනය වූ ඊයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින එංගලන්ත පිල දිනය නිමාවනවිට කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 305කි. විශිෂ්ට පිතිහරඹයක නිරතව සිටින ඩේවිඩ් මාලන් නොදැවී ලකුණු 110ක් රැස් කිරීමට සමත්වූ අතර ජොනී බෙයාර්ස්ටොව් නොදැවී ලකුණු 75ක් ලබා සිටී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();