Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චීන යුවළ 50ක් ශ්‍රී ලංකාවේ දී යුග දිවියට

චීන ජාතිකයින් සිය දෙනෙකු මෙරටදී ඊයේ(17) යුගදිවියට එළඹුණි. ඒ මෙරට හෙළ සිරිතට අනූව වීම විශේෂත්වයකි.

මෙය රාජකීය විවාහ මංගල උත්සවයක් ලෙස නම් කර තිබුණි.

සාම්ප්‍රදායික බෙර වාදන මධ්‍යයේ කොළඹ මහ නගර සභා ක්‍රීඩාංගණයට පිවිසි චීන ජාතික මනාල යුවල 50 පිළිගනු ලැබුවේ ජය මංගල ගාථා ගායනා කරමිනි. අනතුරුව චාරිත්‍රානුකූලව පෝරුව චාරිත්‍ර ඉටු කෙරුණි.

විවාහ දිවියට එළඹි යුවල වෙනුවෙන් විවාහ සහතිකපත් පිරිනැමුණේ පාඨලී චම්පික රණවක, ජෝන් අමරතුංග, රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් අතිනි. ශ්‍රීන්ලිව්ස් පුද්ගලික ආයතනය හා මහා නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විවාහ මංගල උත්සවය සංවිධාන කළේය.

මෙරට සංචාරක කේෂේත්‍රය ජාත්‍යන්තරයේ ප්‍රචලිත කිරීම, චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීමත් මෙම විවාහ මංගලෝත්සවයේ අරමුණ වේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();