ඉදිරි පළාත් පාලන මැතිවරණ ව්‍යාපරය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිස්ත්‍රික්ක 22 තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජනපති ජනහමු 22 ක් පැවැත්වීමට තීරණය කැර තිබේ.
මීට අමතරව අැමැති මණ්ඩලයේ සාමාජිකයින් නියෝජනය කරන රැස්වීම් සියයක් දිස්ත්‍රික්ක 22 පුරා පැවැත්වීමට සැලසුම කර ඇතැයි නියෝජ්‍ය කතානායක, තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඊයේ (12) ප්‍රකාශ කෙළේය.
ආසන 160 සඳහා අවම වශයෙන් එක් ආසනයක රැස්වීම් දෙකක් බැගින් රැස්වීම් 320 ක් අදාළ පළාත්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවද ඒ මහතා කීවේය.
ප්‍රාදේශීය මට්ටමින් අපේක්ෂක රැස්වීම් 8000 ක් හා ඡන්ද පොළ මට්ටමින් හා බිම් මට්ටමින් රැස්වීම් විසි දහසකට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවද හෙතෙම පැවසීය.
0 Comments