Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසාව විතරක් තිබිලා මදි – ඒවා පුද්ගලිකත්වය ආරක්ෂා වන විදිහටයි තිබුණේ – මැණික් කුරුකුලසූරිය

මැණික් කුරුකුලසූරිය කියන්නේ අපේ රටේ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිණියක්. ක්‍රිස්තු චරිතය, ආදර කතාව, බඹා කෙටූ හැටි, හිත හොඳ කොල්ලෙක් යන චිත්‍රපට මතකයට නැගෙද්දී මැණික් කුරුකුලසූරියගේ රංගනය අමතක කරන්න බැරි තරම්. මේ ඇය පුවත්පතක් සමග කළ සාකච්ඡාවක්.

මොනවද අලුත් තොරතුරු
හොඳින් ඉන්නවා.

නිතර දකින්න නොලැබෙන්නේ රංගනයෙන් ඈත්වෙලාද?
සැමීගේ කතාවෙන් පස්සේ රංගනයෙන් අයින්වෙලා හිටියා. ඒ අතරේ වෙන වැඩ වගයක් කළා. ඉඳලා හිටලා සම්බන්ධ වෙනවා.

හොඳ නිර්මාණ නොලැබුණ නිසාද රංගනයෙන් ඈත්වෙන්න හිතුවේ?
එහෙම දෙයක් ‍නෙවෙයි. නිර්මාණය විතරක් ‍නෙවෙයි අනිත් දේවලුත් හොඳ වෙන්න ඕනනේ.

එදා සහ අද සිනමා ක්ෂේත්‍රයේ වෙනස මොන විදිහටද ඔබ දකින්නේ?
නිතරම රංගනයෙන් සම්බන්ධ නොවන නිසා වර්තමානය ගැන කියන්න බැහැ. හොඳ නිර්මාණ බිහිවුණත් කර්මාන්තයක් වගේ එදා තිබුණු දියුණුව අද නෑ.

චිත්‍රපට නිර්මාණකරණයට යොමුවෙන්න අදහසක් නැද්ද?
තවම නැහැ. ඉස්සරහට එහෙම හිතුණොත් නිර්මාණයකට යොමුවේවි. ආසාව විතරක් තිබිලා මදි. අනෙක් දේවලුත් තියෙන්න ඕනෑ.

ගතවූ කාලය දිහා ආපස්සට හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?
සතුටක් දැනෙනවා. ඉස්සර අපට තිබිච්ච දැනුමත් එක්ක ලැබිච්ච අවස්ථා ගොඩක් තිබුණා. (රංගනයෙන් දායක වුණු චිත්‍රපටවලට වඩා) නමුත් එදා තිබුණු සීමා සහිත බව නිසා දායක වුණේ නැහැ. එදා නිර්භීත වුණා නම් මීට වඩා හොඳ ගමනක් යන්න තිබුණා කියලා හිතෙනවා.

ඔබ රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්. ඒ කා‍ලේ නිරූපණ ක්ෂේත්‍රය මොන වගේද?
අද වගේ නිරූපණ ක්ෂේත්‍රය ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තිබුණේ නැහැ. එක කොටසකටයි ව්‍යාප්ත වෙලා තිබුණේ. බොහොම ටික දෙනයි නිරූපණ ශිල්පියෝ ලෙස වැඩ කළේ. ඒ වගේම නිර්මාණ ශිල්පීනුත් ටික දෙනයි හිටියේ. අද අහන හැමෝම නිරූපණ ශිල්පියෝනේ. චිත්‍රපට වැඩත් එක්ක නිරූපණයෙන් ඈත්වෙන්න වුණා.

එදා මොන වගේ පිළිගැනීමක්ද නිරූපණ ශිල්පීන්ට තිබුණේ?
එදා නිරූපණ තරග නරඹන්න සංචාරකයෝ හිටියා. මම අපේ රට පෙන්වන්න නිරූපණ ශිල්පියෙක් ලෙස සහභාගි වුණා. ලෝකේ හොඳ නිර්මාණ ශිල්පීන් දහදෙනෙක් ඇවිත් මෙහේ තිබුණ නිරූපණ ෂෝ එකේ මට ලංකාව නියෝජනය කරන්න ලැබුණා. අද තරම් එදා නිරූපණය කියන දේ ව්‍යාප්ත වෙලා තිබුණේ නැහැ. නමුත් අදට වඩා හොඳ ප්‍රමිතියක් තිබුණා.

එදා ඕන කෙනෙක්ට නිරූපණ ක්ෂේත්‍රයට එන්න පහසුද?
එදා අද තරම් ඇඳුම් නිර්මාණ ශිල්පීන් හිටියේ නැහැ. ඒ නිසා පහළොවක් විස්සක් පමණයි නිරූපණ ශිල්පිනියන් හිටියේ. අද ගැහැනු, පිරිමි දෙගොල්ලෝම නිරූපණයේ යෙදෙනවා. එදා තිබුණු සීමා සහිත බව නිසා ගොඩක් අය ක්ෂේත්‍රයේ හිටියේ නැහැ.

නිරූපණ ශිල්පිනියක් ලෙස හොඳ වටිනාකමක් ලැබුණාද?
අපට හොඳ වටිනාකමක් ලැබුණා. ඒ වටිනාකම ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්කමක් තිබුණා.

ඔබ රූප රාජිනියක් ලෙසත් කිරුළු පලඳිනවා. කොහොමද ඒ අතීතය?
අද වගේ ඒ දවස්වල නම් රූප රාජිනී තරග ගෙඩක් තිබුණේ නැහැ. මම ගෝයා රූප රාජිනී තරගයෙන් කිරුලු පැලඳුවා. ඒ වගේම මිස් ශ්‍රී ලංකා ලෙසත් කිරුළු පැලඳුවා. නමුත් අද මිස් ශ්‍රී ලංකන්ලා ගොඩක් කිරුළු පලඳිනවා. නමුත් එදා මිස් ශ්‍රී ලංකා එක්කෙනයි. එදාට වඩා අද ලෝකේ විවෘත වෙලා නිසා අද අය දන්නවා ඒ තරගවලට කොහොමද හැඩ ගැහෙන්නේ කියලා. එදා අපිට ලෝකයේ එවැනි තරග ගැන දකින්න අවස්ථාව ලැබුණේ නැහැ.

අද නිරූපිකාවෝ වගේම රූප රාජිනී තරගවලට සහභාගි වෙන අය ඇඟ නිරාවරණය වන ලෙස විලාසිතා කරනවා. එදත් එවැනි විලාසිතා තිබුණාද?
අද වගේ එදා ප්‍රසිද්ධියේ ඇඟ නිරාවරණය වන ලෙස බිකිණි විලාසිතා කළේ නැහැ. ඒවා පුද්ගලිකත්වය ආරක්ෂා වන විදිහටයි තිබුණේ.

ඔබ රංගන ශිල්පිනියක් නොවුණා නම් මොන ක්ෂේත්‍රය නියෝජනය කරයිද?
ඉගෙන ගැනීමේ ලොකු හැකියාවක් තිබුණා. එහෙනම් උසස් අධ්‍යාපනය හදාරයි. මොකද රංගනයට සම්බන්ධ වුණ නිසා අධ්‍යාපන කටයුතු මගහැරුණා.

ගෙදරදි කාලය ගතකරන්නේ කොහොමද?
ටීවී බලනවා, යාළුවෝ එක්ක ඇවිදින්න යනවා. එහෙම තමයි කාලය ගතවෙන්නේ.

ක්ෂේත්‍රයට එන්න කලින් ඔබේ සිහින තරුව වුණේ කවුද?
පුංචි කා‍ලේ ඉඳන් මම හැමෝම දැක්කා. චිත්‍රපට රූගතකිරීම් බලන්න යන නිසා අක්කලා රඟපානකොට ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග ඔවුන්ව නිතරම දැක්ක නිසා සිහින තරු වුණේ නැහැ. ඔවුන්ට කැමති වුණා.

එදා ඔබට තරුණයන්ගෙන් විශාල ආකර්ෂණයක් ලැබෙන්න ඇති නේද?
ඔව්, ඒක සාමාන්‍ය දෙයක්. යන යන තැන ලොකු ආකර්ෂණයක් තිබුණා.

පාසල් ප්‍රේමය ගැන මතක් කළොත්?
ප්‍රේමයක් තිබුණෙ නැහැ මට. අපි යාළුවෝ එක්ක යද්දි පිරිමි ළමයි බලනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒත් ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගත්තේ නැහැ.



from Gossip Lanka News & Video http://ift.tt/2A8RZ6a
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();