Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පියාගේ චරිතය හානි වන ලෙස වීඩියෝවක් හැදුව ගායකයාට ලෙලුම්ගෙන් සැර පිළිතුරක්

ගායනයෙන් මෙන්න වාදනයෙන් සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනන චරිතයක් වන ලෙලුම් රත්නායක පසු ගිය කාලේ නිතරම කතා බහට ලක් වුණ චරිතයක්, ඒ ඔහුගේ පියා වන වික්ටර් රත්නායක මහතා සමඟ ඇති වූ පෞද්ගලික ආරවුලක් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයට එක් කිරීමෙන්, ඒ සිදුවීමෙන් පසු ලෙලුම්ට ලැබුනේ එතරම් හොඳ ප්‍රතිචාර නම්  නෙවෙයි, ලෙලුම්ගේ මේ වැඩේ නිසා ඇතැම් ගායකයින් වික්ටර් රත්නායක මහතා ගේ චරිතයට හානි වන සේ ඇතැම් විඩීයෝද පසු ගිය කාලයේ නිර්මාණය කරා මේ සිදුවීම් වලට ලෙලුම් උත්තර දෙන්නේ මේ විදිහටයි……

ලෙලුම් කාලෙකින් අලුත් නිර්මාණයක්‌ කළේ නැහැ නේද?
මේ දවස්‌වල අලුත් නිර්මාණ කීපයක්‌ම කරන ගමන් ඉන්නෙ. ලබන දෙසැම්බර් මාසෙ ඒ හැමදෙයක්‌ම දකින්න ලැබෙයි.

ලෙලුම්ල කරන වැඩවලට මාධ්‍යයේ ඉඩක්‌ නෑ කියන්නෙ ඇත්තද?
ඉඩ ලබා ගන්න මාධ්‍යයට යන්න ඕනනෙ. මම කිසිම වෙලාවක මාධ්‍යයේ ඉඩ ඉල්ලා ගෙන යන කෙනෙක්‌ නෙමෙයි. හැබැයි මාධ්‍ය මට ආරාධනා කළොත් මම ඒ ආරාධනාව භාරගන්නවා.

ඔබේ වාදන හැකියාවට අද වෙන කොට මොන වගේ ඉඩක්‌ද වෙන් වෙලා තියෙන්නෙ.
අද සහ එදා කියලා වෙනසක්‌ නෑ. හැකියාවට අනුව උපරිම තැන හිමිවෙලා තියෙනවා. ඉදිරියටත් ඒ තත්ත්වෙ ඒ විදියට තියෙයි.

ලෙලුම් රත්නායක කියන චරිතෙ ඉස්‌මතු වෙන්නෙ වික්‌ටර් රත්නායක නිසා නේද?
කොහෙත්ම නෑ. හේතුව වික්‌ටර් රත්නායක කියන චරිතය සංගීත ක්‍ෂේත්‍රය තුළ මාව ඉස්‌මතු කරන්න උත්සාහ කරලා නෑ කවදාවත්. ලෙලුම් රත්නායක ඩ්‍රම්ස්‌ සහ පර්කශන් වාදකයෙක්‌ විදියට ක්‍ෂේත්‍රයේ ඉස්‌මතු වෙලා ඉන්නවා කිව්වොත් තමයි හරි.

ජනප්‍රියත්වය කියන දේ කරදරයක්‌ වුණ වෙලාවල් තියෙනවද?
අයියෝ නෑ. අභිෂේක පැළඳුව කියලා රජතුමා ඔටුන්න පිටින් නිදා ගන්නෙ නැහැනේ. ඒ වගේම ලැබෙන ජනප්‍රියත්වය ආභරණයක්‌ කර නොගන්න තරමට කරදරයක්‌ නැතුව ඉන්න පුළුවන් ඕනම කෙනෙකුට.

අද කාලෙ තරුණයෝ තරගෙට මියුසික්‌ වීඩියෝ කිරීම ඔබ දකින්නෙ?
ඕනම දේක තරගකාරීත්වයත් තියෙන්න ඕන අර්ථ පූර්ණ හෙට දවසක්‌ වෙනුවෙන්. තරගකාරීත්වය තිබුණට ගුණාත්මක බව නැත්නම් ඔය කිසිදේකින් කාටවත් වැඩක්‌ වෙන්නෙ නෑ කියන එකයි මම දකින්නෙ.

පහුගිය කාලෙ ඉරාඡ් වීරරත්න කරපු ආන්දෝලනාත්මක මියුසික්‌ වීඩියෝව ගැන මොකද හිතෙන්නෙ?
ඔය කියන පුද්ගලයා පළමු වැඩේ විදියට මට ආලෝකෙ ගෙනදීලා කියන ගීතයට කරපු වින්නැහියෙන්ම මියුසීෂියන් කෙනෙක්‌ නෙමෙයි කියලා මම හොඳින්ම අවබෝධ කරගෙන ඉන්න කෙනෙක්‌ හැටියට ඔහුගෙ වීඩියෝ නරඹන්න නිරපරාදේ මගේ ඩේටා වියදම් කරන්නෙ නෑ.

ලෙලුම්ටම වෙන්වුණු ප්‍රසංගයක්‌ කළොත් නරකද?
ලෙලුම් එක්‌ක හැන්දැවක්‌ කියලා වැඩසටහනක්‌ දැනට කරගෙන යනවා. ඉල්ලුම තියෙන විදියට එය ඉදිරියේදී වඩාත් සාර්ථක කර ගන්නවා.

ලෙලුම් වැඩ කරන්නෙ වෙන්කර ගත් පිරිසක්‌ එක්‌ක විතරයි කියන කතාව ඇත්තද?
ඔව්. එහෙම දෙයක්‌ තියෙනවා. මෙන්න මුන් එක්‌ක මම වැඩ කරන්නෙ නෑ කියලා කියන්න ටිකක්‌ අමාරුයි. මොකද ඒ නම් ලිස්‌ට්‌ එක ටිකක්‌ දිග නිසා. මගේ ගුරුවරුන්ගෙන් මට ලැබුණ හොඳ උපදෙසක්‌ තමයි කරන්න ඕන දේට වඩා නොකරන්න ඕන දේ ඔළුවෙ තියාගන්න කියන එක. ඒක නිතරම මතකයේ තියාගෙන තමයි මම ඕනම වැඩක්‌ කරන්නෙ.

ලෙලුම් කියන්නෙ අනවශ්‍ය විදියට හිතට ගත්තු චරිතයක්‌ කියලා චෝදනාවකුත් තියෙනවා.
දන්නෝ දනිති කියලා තමයි ඕකට මගේ උත්තරේ. මාව පුද්ගලයෙක්‌ විදියට දැනගෙන ඉන්න ඕන අය මා ගැන දැන ගත්තම හොඳටම ඇති. එහෙම නැතුව ඔය එක එක්‌කෙනා මං ගැන කියන හොඳ නරකයි දෙන්න හදන චරිත සහතිකයි මට අදාළම නෑ. ඕකට සරල උදාහරණයක්‌ මම දෙන්නම්. කොල්ලෙක්‌ට කෙල්ලෙක්‌ ගැන දැනගන්න ඕන නම් කෙල්ලගෙ යාළුවා ළඟට ගිහින් හොයලා බැලුවට හරි අවබෝධයක්‌ ලබා ගන්න බෑ. කෙල්ලව ආශ්‍රය කරලා බලලයි සැබෑ තත්ත්වෙ තේරුම් ගන්න ඕන අන්න ඒකයි තියරිය.

ප්‍රසංගවලදී කලබල එහෙම ඇති කරගන්නවලු නේද?                                                                                                                                                                                  මොන වැඩේට ගියත් එතනදී සංවිධායක මණ්‌ඩලයෙන් ලැබෙන්න ඕන සහයෝගය හරියට නොලැබුණොත් මම හැමෝම වෙනුවෙන් ෆයිට්‌ කරනවා. එහෙම කරන්නෙ සංගීත අධ්‍යක්‌ෂවරයා සහ ඔකෙස්‌ට්‍රා එක පැත්තෙ ඉඳගෙන. ඔන්න ඕවා ඉතින් නරක විදියට මගේ බිලට ඇඩ් වෙනවා. එහෙම නැතුව මට කා එක්‌කවත් පුද්ගලික ප්‍රශ්න නෑ.

ඔබ සතු වාදන හැකියාවන් මතු පරපුරට ලබා දෙන්න අදහස්‌ නැද්ද?                                                                                                                                                              මේ වෙන කොට මම ඒ කටයුත්තට අත ගහලා ඉවරයි. පිළියන්දල මගේ ගෙදර ඒ වෙනුවෙන්. පංති කිහිපයක්‌ පැවැත්වෙනවා. ඇත්තටම මේ දේ මම කරන්නෙ මුදල මූලික කරගත්තු තවත් එක ටියුෂන් කඩයක්‌ විදියට නෙමෙයි. ඒ සඳහා උනන්දුවක්‌ තියෙන ඕනම කෙනෙකුට මාත් එක්‌ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉදිරියේදී කසුන් කල්හාර ඇකඩමියේ ඩ්‍රම්ස්‌ ගුරුවරයා වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.

කලා ක්‍ෂේත්‍රයේ විශේෂයෙන්ම වාදන ශිල්පියෙක්‌ විදියට ගෙවන ජීවිතේ ගැන ඔබ තෘප්තිමත්ද?
පැහැදිලිවම. මම ඉතාමත් තෘප්තිමත්. කොහොමටත් ලෙලුම් රත්නායක කියන්නෙ ෆුල් ආතල් එකේ ජීවත් වෙන සරල චරිතයක්‌.

බැරි වෙලාවත් ඔබ සංගීත ශිල්පියෙක්‌ නොවුණා නම්
අනිවාර්යයෙන්ම ගෘහ නිර්මාණ ශිල්පියෙක්‌ වේවි. ඒකට මා තුළ විශේෂ හැකියාවක්‌ තියෙනවා. ඒ ගැන ඉගෙන ගන්න ලොකු උවමනාවකුත් මට තියෙනවා. ඒත් ඒ සඳහා කාලය වෙන් කර ගැනීම තමයි ප්‍රශ්නෙකට තියෙන්නෙ.

11863497_134550796884835_8027157338314355967_n 20626311_515643875442190_6090084547399756027_o



from Gossip Lanka News & Video http://ift.tt/2iRKKp0
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();