Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තෙදිනකටම වරක් කාන්තාවක මරා දමන රටක්

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වෙන කාන්තාවක සෑම තෙදිනකටම වරක් මරුමුවට පත්වීම පිළිබඳව ප්‍රංශය ලැජ්ජාවට පත්විය යුතු යයි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පවසයි.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය සැමරීමේ උත්සවයකදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, සිය රටේ කාන්තාවන් මුහුණ දෙමින් සිටින ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් මුනිවත රැකීමේ පිළිවෙතට නැවතීමේ තිත තැබීමේ අවස්ථාව එළැඹි ඇතැයි සඳහන් කළේය.

සිය පස් අවුරුදු ධුර කාලය ඇතුළත රට තුළ ලිංගික සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ එක් මැතිවරණ ප්‍රතිඥාවකි.

මැතිවරණය සමයේ ප්‍රංශ ජනතාවගේ ප්‍රධානම අවධානය පළ වී තිබුණු ප්‍රශ්නය එය බව ඔහු නායකත්වය දුන් En Marche ව්‍යාපාරය විසින් පවත්වනු ලැබූ සමීක්ෂණයකදී හෙළි වී තිබුණි.

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය සැමරීම පිණිස ප්‍රංශය පුරාම උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබිණ.

(බී.බී.සිය ඇසුරෙනි)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();