පියසිරි විජේනායක ජාතික සංවිධායක ධුරයේ කටයුතු කරමින් සිටියදී පක්ෂය හා පක්ෂ නායකත්වය බරපතළ ලෙස විවේචනය කිරීම ඔහුට විරුද්ධව ඇති චෝදනා අතර වේ.
ජාතික නිදහස් පෙරමුණේ නව ප්‍රධාන ලේකම් ලෙස ඉකුත් සතියේ පත් වූ කපිල ගමගේ අත්සනින් යුතු ලිපියක් මේ වන විට පියසිරි විජේනායකට යවා ඇතැයි එහි නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර “ලක්බිම ඉරිදා සංග්‍රහය” කළ විමසීමකදී සඳහන් කර අැත.
ප්‍රියන්ජිත් විතාරණ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර ඒ මහතා ඉකුත් සතියේ පැවැති එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වීමට ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබිණි. තමාගේ සෞඛ්‍ය තත්ත්වය හා පෞද්ගලික හේතූන් මත එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රියන්ජිත් විතාරණ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.
පියසිරි විජේනායක ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් කර වෙනත් අයකු පත් කරන්නැයි මීට මාසයකට පමණ ඉහතදී එහි දේශපාලන මණ්ඩලය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර ප්‍රියන්ජිත් විතාරණ මහතා එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබූ බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
ලක්බිම

0 Comments