ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) සහ ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජය (AMRC) එක්ව සංවිධාන කරන මේ වසරේ දී “ශ්‍රී ලංකා සුපර් සීරීස්” මෝටර් රථ හා යතුරුපැදි තරගමාලාවේ සමස්ත ජයග්‍රහකයන්ගේ දස්කම් අගයමින් කුසලාන හා ත්‍යාග ප්‍රදානය කිරීමේ උළෙල ලබන මස 2 වැනිදා රත්මලාන ‘ඊගල් ලේක්සයිඩ්’ උත්සව ශාලාවේදී පැවැත්වෙයි.
කටුකරුන්ද මාණ්ඩලික ධාවන තරගාවලිය, ෆොක්ස්හීල් සුපර්ක්‍රොස්, කැවල්රි සුපර්ක්‍රොස්, කමාන්ඩෝ චැලේන්ජ් හා පන්නල දිවා රාත්‍රී තරගාවලිය ඇතුළත් වූ මේ තරගමාලාවේ සමස්ත ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන ක්‍රීඩකයන් අගයමින් මේ ත්‍යාග ප්‍රදානය සිදුකෙරේ.
‘ශ්‍රී ලංකා සුපර් සීරීස්‘ මෝටර් රථ හා යතුරුපැදි තරග මාලාවේ මෝටර් රථ තරග අංශයේ ප්‍රධානතම තරග ඉසව්ව වූ එස්. එල්./ජී.ටී. 3500 සී.සී. ශූරතා තරග ඉසව්වෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් අෂාන් සිල්වා 2017 “ශ්‍රී ලංකා සුපර් සීරීස්” දක්ෂතම රියදුරා ලෙස අභිෂේක ලැබීමට නියමිත අතර යතුරු පැදි තරග අංශයේ එම්.එක්ස්. රේසිං 175 – 250සී.සී.(4ටී.) / 100 – 125 සී.සී. (2ටී.) ශූරතා තරග ඉසව්වෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ඉෂාන් දසනායක දක්ෂතම ධාවකයා ලෙස අභිෂේක ලැබීමට නියමිතය.
මේ තරගමාලාවේ ප්‍රධානතම තරග ඉසව්ව වන එස්. එල්./ජී.ටී. 3500 සී.සී. මෝටර් රථ තරග ඉසව්‍ව ජයගත් ජයග්‍රහකයාට ‘කීයා’ මෝටර්ස් (ලංකා) මෝටර් රථ ආයතනය පිරිනමන කීයා පිකැන්ටෝ මෝටර් රථය ප්‍රදානය කෙරේ. එම්.එක්ස්. රේසිං 175 – 250සී.සී.(4ටී.) / 100 – 125 සී.සී. (2ටී.) ශූරතා යතුරු පැදි තරගයේ ජයග්‍රහකයාට ස්ටැෆඩ් මෝටර්ස් පිරිනමන හොන්ඩා හොනට් යතුරුපදිය ප්‍රදානය කිරීමට නියමිතය.
කුසාලන හා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස රාජ්‍ය ආරක්ෂත නියෝජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහභාගී විමට නියමිත අතර යුද හමුදාපති, ගුවන් හමුදා පති, නාවික හමුදාපති, ආරක්ෂක මාණ්ඩලීක ප්‍රධානී හා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහත්වරුන් සම්භාවනිය ආරාධිතයන් ලෙස සහභාගිවනු ඇත.
‘ශ්‍රී ලංකා සුපර් සීරීස්‘ මෝටර් රථ හා යතුරුපැදි තරග මාලාවේ සහායක තරග ඉසව්ව වන ‘ ජේ.’ කාණ්ඩයේ එම්.එක්ස්.65 – 85 සී.සී.(2ටී.)/ 150සී.සී. (4ටී.) 16 පහළ තරග ඉසව්වෙන් භානුක රත්නායක, එස්.එල්./එන්. ෆොඩ් ලේසර් මැස්ඩා 1300 සී.සී. තරග ඉසව්වෙන් කුෂාන් පීරිස්, එස්.එල්./ඊ. නිසාන් මාච් 1000 සී.සී. තරග ඉසව්වෙන් සප්නා විරසේකර, එස්.එල්./එන්. ෆොඩ් ලේසර් මැස්ඩා 1500 සී.සී. තරග ඉසව්වෙන් තරිඳු ධර්මරත්න, එස්.එල්./එස්. 1500 සී.සී. මෝටර් රථ තරග ඉසව්වෙන් ගිහාන් දීරසේකර, එස්.එල්./එච්. 1600 සී.සී. මෝටර් රථ තරග ඉසව්වෙන් සකීර් වහාබ්, එස්.එල්./එෆ්. ෆෝම්යුලා ඊ.එෆ්. අයි. 1300 සී.සී. තරග මෝටර් රථ ඉසව්වෙන් ඈන්ඩෘ චොක්සී, එස්.එම්. සුපර් මෝටාඩ් විවෘත යතුරුපැදි ඉසව්වෙන් ඉමල් මංචනායක හා ‘එම්.’ කාණ්ඩයේ නවීකරණය කරන ලද 250 සී.සී. (4ටී.) යතුරුපැදි තරග ඉසව්වෙන් ප්‍රමුඛ සේසත් සෙසු තරග ඉසව් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙති.

0 Comments