ඉන්දියාවට එරෙහිව නාග්පූර් නුවර දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ පන්දු යවමින් සිටි දසුන් ශානක පන්දුවේ තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාවට ඔහුගේ තරග මුදලින් 75% දඩයක් නියම කිරීමට තරග තීරක ඩේවිඩ් බූන් කටයුතු කළේය. ඉන්දීය ඉනිමේ 50 වැනි ඕවරය යවමින් සිටියදී ඔහු විසින් කරනු ලැබූ මේ ක්‍රියාව රූපාවාහිනි කැමරා මගින් පැහැදිලිව පෙන්නුම් කර තිබූ අතර දිනය නිමාවෙන් පසුව තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන ජොයෙල් විල්සන්, රිචඩ් කෙට්ල්බොරෝ සහ සී.ෂම්ෂුදින් මේ සිදුවීම පිළිබඳ තරග තීරකවරයා දැනුම්වත් කිරීමට පියවර ගත්හ.
දසුන් ශානක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති රෙගුලාසිවල 2.2.9 වගන්තිය උල්ලංඝනය කර ඇතැයි තහවුරු වී ඇති අතර ඔහුගේ තරග මුදල් දඩයට අමතරව ඔහුගේ විනය වාර්තාවට සෘණ ලකුණු 3ක් එක් කිරීමට ද කටයුතු කළ බව නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. මෙය දසුන් ශානකගේ ක්‍රිකට් දිවියේ ආරම්භක සමය බැවින් මේ දඬුවම මගින් ඉදිරියේදී ඔහු බොහෝ පරිස්සම්වනු ඇතැයි තමා විශ්වාස කරන බව තරග තීරක ඩේවිඩ් බූන් කියයි.

0 Comments