පසුගිය දිනක වලාන දූෂණ මර්ධන ඒකකයේ නිළධාරීන් විසින් කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ දී විකිණීමට සූදානම් කරතිබූ ඇත් දළ යුවළක් හා ගජමුතු කිහිපයක් අත් අඩංගුවට ගැනීමත්, මසකට ආසන්න කාලසීමාවක් තුල දී ගල්ගමුවේ මායිම් ගම්මාන ආශ්‍රිතව දිවිගෙවූ සුප්‍රසිද්ධ ගල්ගමුවේ දළ පූට්ටුවා මිනිස් ඇසින් වසන් වීමත් තුල මෙම අත් අඩංගුවට ගත් දළ යුවළ දළ පූට්ටුවාගේ යැයි ප්‍රබල සැකයක් මතුව තිබේ. අත් අඩංගුවට ගත් දළ යුවලේ ඡායාරූප සංසන්දනය කිරීමෙන් පසු වනජීවි ඡායාරූප ශිල්පීන් ඇතුලු කිහිප දෙනෙකුම ප්‍රකාශ කලේ මෙම දළ යුවළ ගල්ගමුවේ පූට්ටුවාගේ වියහැකි බවයි.
කෙසේ නමුත් දළ යුවළ හස්තියාගේ තොල ආසන්නයෙන් කපා ඇති බවත්, මෙවැනි ප්‍රමාණයෙන් ඉතා විශාල දළ දැරූ හස්තියෙකුව සිටියේ ගල්ගමුවේ පූට්ටුවා බවත් නිසා ද සති කිහිපයකට පෙර මෙම දෙනෙත් අඳ සද්ධන්තයා ගල්ගමුවේ සිට පොල්පිතිගම , හේරත්ගම ප්‍රදේශයට පැමිණි බවත් දුටු පුද්ගලයන් සිටීමත් මෙම සැකය වඩාත් තහවුරු කරයි.
වසර කිහිපයකට පෙර වෙඩි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් ගල්ගමුව නගරයට පැමිණි මෙම සද්ධන්තයා නගරයෙන් ආරක්ෂිතව ඉවත් කර ප්‍රතිකාර කිරීමට වනජීවි පශුවෛද්‍ය ඒකකයේ නිළධාරීන්ට හැකිවිය. පසුවද අවස්ථා ගණනක දී තුවාල ලැබූ මෙම දෙනෙත් අන්ධ දැවැන්තයාට වනජීවි නිළධාරීන් විසින් ප්‍රතිකාර කෙරුණි . ඉතා අලංකාර දැවැන්ත දළ යුවළක් ඔහු සතුවීමත්, එම දළ යුවළ පූට්ටුවී ( අගින් එකිනෙකට හේත්තු වී ) තිබීමත් එවන් ඇතුන් වනාන්තරයේ දුලබ නිසාත් මෙම හස්තියා පුවත් මවන චරිතයක් වී තිබුණි.
ගල්ගමුවේ ගම්වැසියන්, වනජීවි ලෝලීන් ඇතුලු විශාල පිරිසක් අපිරිමිත ලෙස ආදරය කල 50 වැනි වියෙහි පමණ පසු වූ මෙම සුවිශේෂි දැවැන්තයා මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී,කොහේ හෝ අප්‍රකට වැව් තාවුල්ලක ජීවත්වනු ඇතැයි අප ප්‍රාර්ථනා කරමු..යම් හෙයකින් මෙම දළ යුවළේ හිමිකරු ගල්ගමු ලොකු ඇතා වේවා ,නොවේවා මෙම අපරාධකරුවන්ට උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කිරීම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමකි..
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි.
from Gossip Lanka News & Video http://ift.tt/2jmdO7I
via internet

0 Comments