Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෙවෙනි තරඟයේ පළමු හෝරාවේදී දිමුත්ට වාසනාව හිමි වූ හැටි මෙන්න

සංචාරක ශ‍්‍රී ලංකාව හා ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ප‍්‍රථම දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම මන්දගාමී පිතිහරඹයක නිතර වෙමින් ලබා සිටියේ කඩුලු 02ක් දැවී ලකුණු 46ක් පමණි
අද තරගයේදී වාසනාව උරගා බලමින් සිටින දිමුත් කරුණාරත්න දෙවරක් දැවීයාමට ආසන්න වුවද ඉන් ගැලවිමට සමත්විය.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව 35 ක් වනවිටදී රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවකට ඉදිරියට පැන පහරක් ගැසීමට දිමුත් කරුණාරත්න උත්සහ ගත්තද පිත්තේ හරියාකාරව නොවැදුණු පන්දුව උඩපන්දුවක් ලෙස චෙටේස්වාර් පුජාරාගේ හිසට ඉහළින් ගියද නිසියාකාරව උඩපන්දුවට රැක ගැනීමට අවස්ථාවක් හිමි නොවිය.
රවීන්ද්‍ර ජදේජාගේ පන්දුවකට ඉදිරියට පැමිණ ආරක්‍ෂාකාරී පියවරක් ගැනීමට දිමුත් කරුණාරත්න උත්සහ කිරීමේදී පිත්තේ නොවැදුණු පන්දුව ඉක්මනින් ලබාගත් කඩුලු රකින ක්‍රීඩක රිදිමන් සහා කඩුල්ල බිඳ දැමීය.
පා ඉන්න පැත්තේ විනිසුරු විසින් එම දැවී යාම තෙවැනි විනිසුරුවරයා වෙත යොමු කළ අතර පුණරූපන නැරඹීමේදී එය නිපන්දුවක් ලෙස සටහන්වීම නිසා දිමුත් කරුණාරත්න හට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව හිමිවිය. ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 2 කට ලකුණු 46 ක් ලෙස සටහන්විය.
dimuth-2


from Gossip Lanka News & Video http://ift.tt/2hMLF9A
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();