Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රදේශ දෙකක ද්විත්ව ඝාතන දෙකක්

මාතර - නාවිමන උතුර - තුන්බෝධිය ප්‍රදේශයේ දී අද පස්වරුවේ කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කිසියම් පිරිසක් ඔවුන් පදිංචිව සිටි නිවස වෙත පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ අදාළ නිවසේ රැදී සිටි නැන්දම්මා සහ ලේලියයි.

මේ අතර  දැරණියගල, රංවල, මාලිබොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් සහ තවත් පිරිමි අයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ රාත්‍රි 7. 15 ට පමණ මෙම ඝාතන සිදු කර ඇති අතර ඝාතනයට ලක් ව ඇත්තේ, වයස 42 හැවිරිදි කාන්තාවක් සහ 60 හැවිරිදි පිරිමි අයෙකි.

සැකකරු විසින් නිවසේ සිටි වයස සිව් හැවිරිදි සහ සත් හැවිරිදි දියණියන් දෙදෙනාට ද තුවාල සිදුකර තිබේ.

තුවාල ලැබු එම දරුවන් දෙදෙනා දැරණියගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට මාරු කර යවා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

අනියම් සම්බන්ධතාවක් මත ඇති වු ආරවුලක් මෙම ඝාතනවලට හේතු වී ඇතැයි පොලීසිය පවසා තිබේ.

සැකකරු හඳුනාගෙන ඇති අතර මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();