අපේ රට ක්‍රිකට් වලින් ගෙනෙන ජයග්‍රහන ගැන උනන්දුවෙන් කතා කරන රටක් වුනාට අනෙකුත් දේවල් වලටනම් ඒ වැනි තැනක් ලැබෙන්නෙ නෑ අපේ රටේ පුංචි හපනෙක් රටට ලොකු ජයග්‍රහනයක් ගෙනත් දීලා තිබෙනවා, පසුගිය නොවැම්බර් මස 13 වන ඉන්දියාවේදී පැවත්වුන ජල රොකට් තරඟයේදී නිවැරදි ඉලක්කයට ජල රොකට්ටුව යෑවු කලණ නිම්සර රටවල් 54 ක් පරදා පළමු ස්ථානය ලබාගෙන ශ්‍රි ලංකාවට තවත් සුවිශේෂි ජයග්‍රහනයක් ගෙන දීමට සමත් වෙලා තිබෙනවා
වයස අවුරුදු 16 ක් වන කලණ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රාදේශීය සභාවට අයත් ලියනදූව කියන ගමේ සාමාන්‍ය පවුලක ජිවත් වෙන්නේ මොහු ගෙනා වූ ජයග්‍රහනය රටට අති විශලා ගෞරවයක් , භාර කාරෙයක් නැතිව පුංචි කලණ තනියම ගිහින් තරඟය ජයගත් හැටි ඉතාම සංවේදී විදිහට පැවසුවේ මෙහෙමයි
“මම ඇතුළු තව පස්දෙනෙක් ලංකාවෙන් ඉන්දියාවේ බැංග්ලෝර් වලට ගියා ඒ් කට්ටිගේ භාර කාරත්වය දරන් මව් පිය වරුන් ගියා එත් මම තනියම ඒහෙ ගියේ අම්මාලට ටිකට් ගන්න සල්ලි තිබ්බෙ නෑ ජපානය, වියට්නාමය, තායිලන්තය, කොළොම්බියාව එවැනි රටවල් වලින් තරඟ කරුවන් 54 දෙනෙක් පමණ ඇවිත් තිබුනා එහිදී මගේ රොකට්ටුව ඉලක්කය වෙත යවා ගන්න හැකි වුනා ඉතින් මම පළවෙනියා වුනා.”
දක්ෂයන් අගයන්න රටේ වග කිය යුතු නිළාධාරින් නොසිටියත් රටට ගෙනාපු ජයග්‍රහනය අගයන්න කලණගේ ගමේ අයනම් අමතක කරේ නෑ ගමේ අය ඔහුව හරසරින් පිළිගත්තා. කිසිවකු අගය නොකළත් පුංචි කලණ වැනි දක්ෂ දරුවන් රටට වටිනා සම්පතක් පුංචි කලණගේ මේ ලොකු ජයග්‍රහනය වෙනුවෙන් අපි හදවතින් සුභ පතන්නෙමු.
from Gossip Lanka News & Video http://ift.tt/2Boxq34
via internet

0 Comments