පළාත් පාලන ආයතන 93 ක ඡන්ද විමසීම පැවැත්වීමට මැතිවරණ කොමිසම තීන්දු කර තිබෙන අතර එම පළාත් පාලන ආයතනවලට අදාළව නාමයෝජනා කැඳවීමේ නිවේදනය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් විසින් අද (27) දිනයේ නිකුත් කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි. එම පළාත් පාලන ආයතන 93 ට නීතිමය ගැටලු හෝ සීමා නිර්ණ ගැටලු නොමැති හෙයින් බාධාවකින් තොරව ඡන්දය පැවැත්විය හැකි බවට මැතිවරණ කොමිසම ඒකමතිකව තීන්දු කර තිබේ.
ඒ අනුව එම පළාත් පාලන ආයතන 93 හි ඡන්ද විමසීම සඳහා නාමයෝජනා බාරගැනීම දෙසැම්බර් මස 11 වැනි දින සිට එම මස 14 දා දහවල් 12 දක්වා සිදුකිරීමට නියමිතයි.
තරග වදින අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු බාරගැනීම අද (27) ආරම්භ වී දෙසැම්බර් මස 13 දිනෙන් අවසන් කෙරේ. ඒ අනුව දැනට අධිකරණය හමුවේ පවතින නඩු විභාගවලින් බලපෑමක් නොමැති පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා කැඳවීමට තීරණය කර තිබෙන අතර පසුගිය 25 දා මැතිවරණ කොමිසමේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මේ තීරණයට එළඹ තිබේ.
දැනට අභියාචනාධිකරණය හමුවේ පවතින නඩු විභාගයෙන් බලපෑමක් නොමැති පළාත් පාලන ආයතන 133 ක් තිබෙන අතර ඒ අතරින් සභා 40 ක සීමා මායිම් විස්තර කිරීමේ ගැසට් නිවේදනයේ මුද්‍රණ දෝෂ පවතී. එම මුද්‍රණ දෝෂ නිවැරැදි කිරීම සඳහා පළාත් පාලන අමාත්‍යාංශය වෙනම ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

0 Comments