අගමැති
2015 වසරේ රටේ බලය ලබාගෙන ජාතික ආණ්ඩුවක් පිහිටු වූ අයුරින් 2018 වසරේදී ගමේ බලය ආණ්ඩුව යටතට ගෙන සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී රජය බලය තහවුරු කර ගතහොත් ඉදිරියේ දී තවත් ශක්තිමත් පාලනයක් ගොඩනගා ගැනීමට හැකියාව ඇති බව කී අග්‍රාමාත්‍යවරයා ඉන්පසු යහපාලනය සමඟ වැඩ කළ හැකි ඕනෑම අයෙකු සමඟ ඉදිරියට යන බවද පැවැසීය.
මේ සඳහා සැවොම ජයග්‍රහණය සඳහා එක් වෙන ලෙස අගමැතිවරයා ඉල්ලා සිටියේය. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ නාවලපිටිය බලමණ්ඩල පිහිටුවීමේ රැස්වීමට ඊයේ (26) සහභාගි වෙමිනි.

0 Comments